අමෙරිකා එක්සත් ජනපදයේ, නිව් මෙක්සිකෝ ප්රාන්තයේ, රෙඩ් රිවර් නගරයේ පැවති යතුරුපැදි රැලියක් අතරතුර සිදුවූ වෙඩි තැබීමක් සිදුව තිබේ.
වාර්ෂිකව සංවිධානය වන මෙම යතුරුපැදි රැලිය අතරතුර සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම වෙඩි තැබීම මැර කණ්ඩායම්වල ආරවුල් දුරදිග යෑමක් නිසා සිදුවූවක් බව විශ්වාස කෙරේ. මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.