යුක්රේන හමුදාවේ ස්වේච්ඡා සේවකයන් යොදාගෙන පර්යේෂණාත්මක ඖෂධ පරීක්ෂා කිරීමට එක්සත් ජනපදය සම්බන්ධ වී ඇති බවට රුසියාවේ න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික ආරක්ෂණ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවකදී අනාවරණය කරයි.
මෙම මස මුලදී රුසියානු හමුදාව විසින් හෙලිදරව් කරන ලද ඊනියා UP-8 ව්‍යාපෘතිය තුළ පර්යේෂණාත්මක ඖෂධ පරීක්ෂාව සිදුවී ඇත.
"අපි යුක්රේන හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන පර්යේෂණ පිළිබඳ තොරතුරු දිගටම ප්‍රකාශයට පත් කරනවා. එවැනි වැඩ එක්සත් ජනපදයේ තහනම් කර ඇති බැවින්, දැන් රටින් පිටත හමුදාව (යුක්රේන හමුදාව) යොදාගෙන එය සිදුකරන බව සඳහන් කළ යුතුයි." ඉගෝර් පැවසීය.
"බල්ගේරියානු මාධ්‍යවල ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව, කාර්කොව් රසායනාගාරයේ සිදු කරන ලද අත්හදා බැලීම්වලදී පමණක් යුක්රේන සොල්දාදුවන් 20දෙනෙකු පමණ මිය ගිය අතර තවත් 200 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා" ඉගෝර් තවදුරටත් කියා සිටියේ හාරදහසකට වැඩි පිරිසක් පරීක්ෂණයට සම්බන්ධ වී ඇති බවය.