කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුව පැය 24ක් තුළ පුද්ගල මරණ 917ක් වාර්තා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය දිනක් තුළ වාර්තා කළ වැඩිම මරණ වාර්තා කර තිබේ.
බදාදා දිනයේ මෙම මරණ වාර්තා වී ඇති අතර, ඒ අනුව මේ දක්වා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ සමස්ත මරණ 4,745ක් දක්වා වැඩිවී ඇති බවද එරටින් වාර්තා වෙයි.
එමෙන්ම එක්සත් ජනපදය තුළ මේ දක්වා පුද්ගලයන් 213,372ක් වෛරසයට ගොදුරුව ඇති බවද වාර්තා වෙයි.