ඇමෙරිකා එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය පද්ධති හරහා එක්සත් ජනපදයේ හඳුනාගෙන පරීක්ෂාවට ලක්කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් පිරිස අවම වශයෙන් 103,942ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
මේ වනවිට එක්සත් ජනපදයේ අවම වශයෙන් පුද්ගලයන් 1,588ක් කොරෝනා වෛසරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගෙවීගිය පැය 24 තුළ පමණක් මරණ 402ක් වාර්තා වී ඇති අතර, එය එක්සත් ජනපදය තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වෙයි. එක්සත් ජනපදයේ මීට පෙර වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර, එය මරණ 253කි.
එරට සමස්ත ප්‍රාන්ත 50, වොෂිංටන් ඩී.සී සහ අනෙකුත් එක්සත් ජනපද භූමි ප්‍රදේශවලින් මෙන්ම නැවත එරටට ගෙන්වා ගත් සියලුම ආසාදිතයන් මෙම ගණනයට ඇතුළත්ය.