මාස ගණනාවක දැඩි බලපෑම්වලින් පසුව, නෙදර්ලන්ත, නෝර්වීජියානු සහ ඩෙන්මාර්ක F-16 ප්රහාරක ජෙට් යානා යුක්රේන ගුවන් හමුදාව වෙත ලබාදීම සම්බන්ධයෙන් එරට ජනාධිපති සෙලෙන්ස්කි උද්දාමයට පත්ව සිටී.
එක්සත් ජනපදයේ නිෂ්පාදිත F-16 යුක්රේනියානුවන් සඳහා කදිම බහුකාර්ය යුද මෙවලමක් බව ටපත්වනු ඇත.
එමගින් භට පිරිස් සඳහා ගුවන් ආවරණය සැපයිය හැකිය. එමෙන්ම, ගොඩබිම් ඉලක්ක වෙත ප්රහාර එල්ල කිරීම අවස්ථාව ඇත.
ඉන් නොනැවතී සතුරු ගුවන් යානා සහ මිසයිල විනාශ කිරීමටද එහි සහාය ලබාගත හැකිය.
විශේෂයෙන්ම, දකුණු පෙරමුණේ රුසියාවේ යුද විශිෂ්ටත්වය හමුවේ, යුක්රේන ප්රතිප්රහාරයේ ප්රගතිය අඩාල කර ඇති පසුබිමක, රුසියාව තරමකින් හෝ මෙල්ල කිරීමට යුක්රේනය මෙම ප්රහාරක යානා හරහා බලාපොරොත්තු වෙයි.