වෙනිවැල්ගැට
වෙනිවැල් නැතිනම් බාන් වැල් යනු අපේ රටේ බොහෝ දෙනෙකු දන්නා ඖෂධීය වැල් විශේෂයකි. ඉංග්රීසි බසින් Calumba wood යනුවෙන් හඳුන්වන මෙම වැල් විශේෂය ප්රතිශක්තීකරණ ඖෂධයක් ලෙස පැරණි ගොවීහු පාවිච්චි කළ ඖෂධයක් වන අතර ඇඟපත වේදනාව හෝ කිසියම් තුවාලයක් ඇති වූ විට වෙනිවැල් ගැට තම්බා පානය කර තුවාලය පැසවීම සඳහා ප්රතිශක්තියක් ලබාගන්නට අදත් බොහෝ දෙනෙකු හුරු පුරුදුව සිටී. යකඩ ඇණයක් ඇණුන විට හෝ මළකඩ සහිත කිසියම් දෙයකට තුවාල වූ විට පිටගැස්ම වළක්වා ගැනීමට මේ ඖෂධය යොදාගන්නා අතර සමහරඅය සෙම් ප්රතිශ්යාව උණ සෑදුන විට ඇතිවන ඇඟපත රුදාවන් නැතිකර ගැනීමටද කොත්තමල්ලි පත්පාඩගම් සමග මේවා තම්බා පානය කරයි. දස පංගුව සහ පස් පංගුව යන ඖෂධ එකතුවල, අනිවාර්යෙන්ම අන්තර්ගතවන ඖෂධයකි වෙනිවැල්. තුවාල සහ කුෂ්ට ඇති විට වෙනිවැල් සහ නිදිකුම්බා තම්බා ඒ වතුරින් සේදීම මෙන්ම වෙනිවැල් ගැට තැම්බූ වතුරින් සේදීම තුළින් සමේ ඇතිවන කැසීප් ආදියටද ගුණයක් ලැබේ .