Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 24 වන සිකුරාදා
2025 ජනවාරි මස 24 වන සිකුරාදා
නායු ආබාධ සම්බන්ධයෙන් එකළ අප බොහෝ දෙනෙකු කතාකරන්නට හුරු පුරුදුව සිටියේ වයස්ගතවීමත් සමග ඇතිවන අනිවාර්ය රෝග තත්ත්වයක් ලෙසයි. එයට හේතුව ස්නායු දුර්වලතාව එවන් වියපත් රෝගීන් ඇසුරින් බහුලව දැකගත හැකිවීමය . සමහරු අතක පයක හිරිවැටීමක් ඇතිවූ විට එය තමන් විසින්ම රෝගය කුමක්දැයි නිර්ණය කර මේක නම් හිරිවාතයක්,මේක මේ කටී වායුව ,මේක වාතය ඇවිස්සිලා ආදී වශයෙන් කියමින් විවිධ අත්බෙහෙත් වර්ග සකස්කර පානය කරන්නට යෙදුණි. ඇතැම් ඒවා සුව වී යැයි ඔවුන්ම පවසන්නට වූයේ ඇතැම් රෝග තාවකාලිකව ඇතිවන තත්ත්වයක් නිසා මතුවන්නක් මිස දිගින් දිගටම ස්ථීර හේතුවක් නිසා මතුවන්නක් නොවන බැවිණි. වා ,පිත් . සෙම් මුල්කොට ඇති වන්නා වූ රෝග පීඩා ආදියෙන් ඇතැම් ස්නායු රෝග ඇතිවීමට මිනිසාගේ ඇවතුම් පැවතුම්ද මුල් වන බව එදා සිටම අද දක්වා පවතින්නා වූ සත්‍යයකි. අද එදාට වඩා ස්නායු රෝගීන් බහුල ඇයි..? මෙයට ඔබගේ ඇවතුම් පැවතුම්වලින්ද සහයක් ලැබෙන බව අප මුලින්ම සඳහන් කළ බව ඔබට මතක ඇති. එදා අද මෙන් ආහාර විෂ රසායනිකයන් සමග සම්බන්ධයක් නොදැක් වූ අතර අද ඔබ ආහාරයට ගන්නා එළවළු පලතුරු ආදියේ සිට සෑම දෙයකම සිරුරට අහිතකර දෑ ලබාගන්නා අතර මධ්‍යසාර සහ දුම්පානයෙහිද වැඩිපුර යෙදෙයි. ස්නායුවල දුර්වලතා ඇතිවීමට ඒවායේ සෘජු සම්බන්ධයක් පවතී. පළමුව අප ස්නායුවක් යනු කුමක්දැයි අඳුනාගෙන සිටිමු. ස්නායු යනු තනි අවයවයක් නොවන අතර ස්නායු සලකනුයේ පද්ධතියක් වශයෙනි. මේ පද්ධතිය මුළු සිරුරේම ක්‍රියාකාරිත්වයට දක්වනුයේ අමිල සේවාවකි. ස්නායුවකින් සිදුකරනුයේ යම් යම් අවයව වෙත රුධිරය සපයමින් ඒවායේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පදාර්ථ සැපයීමකි. නමුත් ඇතැම් ආබාධමය තත්ත්වයන්, හදිසි අනතුරු සහ යම් ආකාරයකින් ස්නායු ක්‍රියාකාරිත්වය අඩාල කරවන වැරදි ඉරියව් ආදිය නිසා ඔබට ස්නායු ක්‍රියාකාරිත්වයේ යම් යම් ගැටලු ඇතිවන්නට පුළුවනි. නමුත් හදිසි අනතුරු ආදියේදී ඇතිවන තුවාල මෙන්ම බිඳීම් හේතුවෙන් ස්නායු තුවාල වුවහොත් හිරිවැටීමට අමතරව එම අවයවය එහා මෙහා කිරීමේ ගැටලුවක්ද පැන නගින්නට පුළුවන. මෙවන් තත්ත්වයක් කිසිවිටක සුළු අත්බෙහෙත් හා ආලේපන ආදියෙන් සුවපත් කළ නොහැකිය,ඒවා නැවත ප්‍රකෘතිමත් වන අයුරින් ප්‍රතිකාර යෙදිය හැක්කේ වෛද්‍යවරයෙක්ටම පමණය. නමුත් සුළු සුළු උළුක්කු වැනි තත්ත්වයන් එමෙන්ම වැරදි ආකාරයට වැරදි ඉරියව්වක සිට ශරීරය මෙහෙයවා වැඩකිරීමේන් ඇති වූ පේශී ආතති තත්ත්වයන් මත ඇතිවන ස්නායු ආබාධ සුළු අත්බෙහෙත් යෙදූ විට වේදනා රහිතවෙන්නට හැකිය. නමුත් එය සුව වීමක් සේ සැලකිය නොහැකි අතර නැවත සුළු තත්ත්වයකදී වුවත් එය ආබාධයට ලක්වීම ඉක්මන්වෙයි.ස්නායු මොළය හා සෘජුවම සම්බන්ධයක් දක්වන පද්ධතියකට අයත්ය.ස්නායු කොතරම් මෙහෙයක් අපේ සිරුරට ඇතිකරනවාද යන්න වඩාත් ප්‍රභලව දැනෙන්නේ එයින් එකක් හෝ අක්‍රියවන පරිදි යම් අනතුරකට ලක්වූ විටය. එවන් ස්නායු මිටියක්ම අපේ ගෙල පිටුපස පවතින අතර සුසුම්නාව හරහා ගමන් කරන මේ ස්නායු මිටිය ට හානිදායක යමක් වුවහොත් එම පුද්ගලයා සදාකාලික ආබාධිත තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබේ. හදිසි අනතුරුවලදී කැඩී බිඳෙන අස්ථිවලට රෝගියා දෙකට නවා ඔසවන්නට යෑමේදීද රෝහලකට ගෙන යෑම සඳහා වාහනයකට දමාගන්නනට වෙහෙසෙන විටද මේ ස්නායු මිටියට හානි පැමිණිය හැකි අතර රෝගියා සදාකාලිකවම අතපය අක්‍රියවීම හෝ කොන්ද පණ නැතිවීම ඒ නිසා සිදුවන බව ඕනෑ තරම් අහන්නට දකින්නට ඇති තත්ත්වයකි.
බොහෝ දෙනෙක් පරිස්සම් කරන්නේ අස්ථි නමුත් අස්ථි නැවත ප්‍රකෘති කරගත හැකිබව අමතක කරයි. නමුත් ස්නායුවලට හානිවීමෙන් අස්ථිවලට වඩා දිගුකල් පවතින ආබාධයන් මතුවීමට ඉඩ තිබේ. මේ නිසා ස්නායු ආබාධ යනු වහා ප්‍රතිකාර ලබාගත යුතු සහ නොසලකා හැරීමෙන් අවාසනාවන්ත ලෙස ආබාධ මතුකරන තත්ත්වයක් බැවින් වහා ප්‍රතිකාර කෙරෙහි යොමුවීමට වග බලා ගන්න.
වැරදි ඉරියව් නිසා හෝ වැරදි ක්‍රියාකාරිත්වය නිසා ආබාධයකට ලක්වන ස්නායුවකට ඉක්මනින් ප්‍රතිකාර කිරීමෙන් ස්නායුව අක්‍රියවීම වළක්වා ගත හැකිය. බොහෝ දෙනෙකු සිතන්නේ ස්නායු රෝගවලට ඇති පිළියම තෙල් බෙහෙත් යොදා අභ්‍යංගය ( මසාජ් ) යෙදීම බවයි. නමුත් සත්‍ය වශයෙන්ම ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කිරීමට පවතින්නේ එම ක්‍රමය පමණක් නොවේ. ස්නායු නැවත පණගන්වන්නට සමත් බෙහෙත් වට්ටෝරු රාශියක්ම හෙළ වෙදකම සතුව පවතින අතර, මේ හැරෙන්නට තෙල් බෙහෙත් පත්තු ආදිය යෙදීම මෙන්ම සකස් කර ලබාදෙන කසාය චූර්ණ වර්ග ද රාශියක්ම පවතී. එහෙයින් වඩා සාර්ථක සුවයක් ලබන්නට තරම් හැකියාවක් හෙළ වෙදකමින් ස්නායු රෝගියාට ලැබේ.
දැන් තෙල් බෙහෙත් වර්ග යෙදීමෙන් ස්නායු ක්‍රියාකාරිත්වය ඇතිකරවන්නත් වෙනත් වේදනා නාශක බාම් වර්ගවලින් ඒ කාරිය ඉටු නොවන්නටත් හේතුව කුමක්ද යන වග සොයා බලමු. බොහෝ විට මෙවන් ආලේපනයකින් සිදුවන්නේ එම අවස්ථාවේ පවතින වේදනාව සමනය වෙන ලෙසින් එම ආලේපයේ ඇති කිසියම් වේදනා නාශක සංඝටකයක් තාවකාලික ලෙස ක්‍රියාත්මකවීමයි. එයින් ස්නායුවේ සංවේදීතාව මදක් පාලනය වී කෙටි වේලාවකට වේදනාව සමනය කරන අතර එයින් ස්නායුවට ඇතිවූ උත්තේජනය අවසන් වූ වහාම නැවත වේදනාව මතුවෙයි. නමුත් ස්නායු රෝග සඳහා විශේෂයෙන්ම සකස්කර ඇති ආලේපන සහ තෙල් වර්ගවල ක්‍රියාකාරිත්වය ඇතිවන්නේ සම හරහා සිරුරට උරා ගනිමින් ස්නායුවලට සිදුවී ඇති ආබාධය නිවැරදි කරන්නට අවශ්‍ය පසුබිම සිරුර තුළම ඇතිකිරීමයි. නමුත් මෙය ක්ෂණිකව සිදු නොවන අතර ක්‍රම ක්‍රමයෙන් මුළුමනින්ම සුවවෙන්නට මග සලසයි. ස්නායු රෝගයක්ද නැතිනම් ප්‍රමේහ රෝග තත්ත්වයක්ද යන්න මෙහිදී නිවැරදිව විනිශ්චය කරගැනීම අවශ්‍යය. මන්ද ඇතැම් ප්‍රමේහ රෝගද වේදනා කැක්කුම් නිර්මාණය කරන අතර එයට හේතුවී ඇත්තේ ස්නායු ආබාධ මතුකරන්නට සමත් හේතූන් නොවීමයි. ඇතැම් ස්නායු ආබාධ උපතින් ඇතිවන අතර ඇතැම් ඒවා තරුණ වයසේදීද ඇතිවෙන්නට ඉඩතිබේ. බොහෝ විට වඩාත් වැඩිපුර රෝගීන් හමුවන්නේ මැදිවයසේදී සහ වැහිහිටි වියේදීය. ස්නායුවක ක්‍රියාකාරිත්වය ඇණ හිටියහොත් නැවත එහි ක්‍රියාකාරිත්වය ඇති කළ නොහැකි බව බටහිර මතයයි. නමුත් ස්නායුවක ක්‍රියාකාරිත්වය නැවත පණ ගැන්වීමට හැකි අන්දමේ සංයෝග හෙළ වෙදකම සතුව පවතින අතර සම්පූර්ණයෙන් අක්‍රියවන්නට නොදී ඒවා නැවත යම් පණගැන්වීමකට ලක්කිරීම සඳහා ක්රමානුකූල ප්‍රතිකාර රටාවක් අනුගමනය කිරීම අවශ්‍යය. පාකින්සන් රෝග තත්ත්වය මොළයේ ස්නායු ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයකි. මේ තත්ත්වයද බටහිර ප්රතිකාරවලින් සුව කළ නොහැකි යැයි පැවසුවත් හෙළ ඔසු තුළින් රෝගියා සම්පූර්ණයෙන්ම වේගයෙන් වෙව්ලීම ඇතිවන තත්ත්වයට පෙර පැමිණිය හොත් සුව කළ හැකිය. නමුත් සම්පූරණයෙන්ම ගැස්ම ඇතිවීම. යනු රෝගය අවසන් අවස්ථාවට පත්වීමයි. එවිට යම් තරමක සුවයක් ලද හැකි නමුත් සම්පූර්ණ සුවයට පත්නොවන්නේ මුළුමනින්ම ස්නායුව ප්‍රකෘතිමත් නොවන නිසයි. එහෙත් තීව්රභාවයට පත් නොවුණු රෝගී අයෙකුට ක්‍රමවත් ලෙස ප්‍රතිකාර යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලද අවස්ථා කොතෙකුත් පවතින බැවින් පාකින්සන් යනු සුවකළ නොහැකි රෝග ලැයිස්තුව අතරට පත් නොවුනු රෝගයක් ලෙස හෙළ වෙද කම අනුව පිලිගැනෙයි.
කෙසේ නමුත් ස්නායු දුබලතා ඇති අය විසින් ප්‍රධාන වශයෙන්ම අත්හල යුතු ඇවතුම් පැවතුම් රාශියක් තිබේ. ප්‍රධානතම ඒවා වනුයේ ආහාරයි. කෘතිම ආහාර සහ විවිධ රසායණික සංයෝග අඩංගු ආහාර හැකිතාක් මග හරින්න. කොත්තු , මේදය සහ මොනොසෝඩියම් ග්ලූටමේට් වැනි ආහාර රස කාරක යෙදූ ආහාර මගහරින්න. මත්පැන් දුම්බීම මගහරින්න. එලෙසම විහරණ ආදිය සම්බන්ධයෙන් කතාකළොත් දිවා කාලයේ නින්ද සහ රාත්‍රිකාලයට නිදිවැරීම සම්පූර්ණයෙන්ම මගහැරගන්න, අනවශ්‍ය ලෙස ඖෂධ භාවිතය පිළිබඳ අවබෝධයක් ලබාගන්න. හැකිතාක් මානසික පීඩනය අවම කරගන්න. ශාරීරික ක්‍රියාකාරකමක යෙදෙන්න. ස්නායු රෝගය කුමක්දැයි පළමුව හඳුනා ගතයුතු බැවින් ඒ සඳහා නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු / වෛද්‍යවරියෙකු වෙත යොමුවෙන්න.ස්නායු රෝග නිට්ටාවට සුවකළ නොහැකි රෝගයක් නොවෙන බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් ඔබේ ප්‍රතිකාර වෙත යොමුවෙන්න.එයින් ඔබට විපුල ඵල නෙලාගත හැකි අතර ස්නායු ආබාධ යනු ඉතාම සුලභ රෝග තත්ත්වයක්ව පවතින මේ කාලයේ ඒවාට වඩාත් බහුල ලෙස බලපා ඇත්තේ ශරීරයේ ක්‍රියාකාරිත්වය අවභාවිතයට ගැනීම බවද මතක තබාගන්න. අයථා ධාතු මෝචනය සහ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස උත්තේජකාරක යොදාගැනීම බොහෝ විට නිරෝගී ඔබේ ස්නායු අඩපණ කිරීමට බලපා හැකි හේතුවක් විය හැකි බව ද අමතක නොකරන්න.
ෙම් සම්බන්ධ ගැටලු ෙවනුෙවන් 075 -9061771 හෝ 011- 3061771 විවෘතය.
popular news
Kasun Friday, 05 June 2020 12:24 PM
Waidyathumani.aurudu 21n riya anathurak wee,T6sahaT7 yana kodu ata pupura.susumnawata hani wee atha.dan papuwen pahala enam bade sita pahalata kisiwak nodanei,urin
Reply : 1 4
අශාන් චින්තක Wednesday, 04 August 2021 11:08 PM
වෛද්‍ය තුමියනි මගේ බිරිදට ලමා කාලයේ සිදුවු උරහිසේ තැල්මක් නිසා දැන් වයස 25ක් වෙද්දි අත හිනි වි ඇති අතර ඇය නිතර වේදනාවෙන් සිටිනවා හිසේ කැක්කුම සහ උරහිස කොටස පහලට නිතරම කැක්කුම් එනවා ඇයගේ අතින් බරක් උසුලන්න්න පවා අමාරුවෙන් සිටිනවා මෙයට බෙහෙත් කල හැකිද? මේ වේදනාවට සහනයක් දෙන්න පුළුවන් නම් ලොකු පිනක් වෛද්‍ය තුමියනි
Reply : 18 38
Shashini praboda Thursday, 16 September 2021 09:48 PM
Mage ammage sushumnawe gediyak tiyenawa kiyala MRI eken hoyagathta dan eyata awidinda ba .eka atak pana tibba dan ekath ba hospital eken kiuwa operation ekak karandone e karama dan idaganda puluwan allan hittawanda puluwanne e mukuthma bari wenawa kiyala e nisa api gedara genawa operation karanda kamati une na .dan sinhala beheth karanawa dan masa 7k witara eth enda enda lede wadiwenawa kiyalai hitenne ane mokak hari piliyamak apita debda obatumiyata pinsiddawenawa mage ammata wadi wayasakuth na tawama aurudu 40 apiokkoma dena godak duk widinawa obatumiyata pin siddawenawa mokakhari piliyamak labadenna වෛද්‍යතුමියනි.
Reply : 3 2
අනුර මාරපන Saturday, 22 July 2023 07:32 AM
පාකින්සන් රොගය පෙලෙන කෙනෙක්ව සව කරගැනිමට හමුවිය හැකිද
Reply : 7 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd