ඔබේ මව ඔබේ ඥාතිවරිය බිරිය දියනිය පියයුරු පිළිකාවෙන් ආරක්ෂිත ද, කලින් හඳුනාගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ප්‍රතිකාර පවතින රෝගයක් වූ පියයුරු පිළිකාව නිසා තව දුරටත් අපේ මවුවරු ආත්තම්මලා සහ දියණිවරු ජීවිතයෙන් වන්දිගෙවිය යුතද? නැත. උතුම් මාතෘත්වය වෙනුවෙන් ඇගේ ළමැද එරැනු කිරෙන් බිහිකළ ලෝකයට උපහැර වශයෙන් අප කුමක් කළ යුතුද ? ඔබට මෙතෙක් ඔවුන්ගේ ජීවිතය පියයුරු පිළිකාවෙන් ආරක්ෂිත බව සොයාබලන්නට මගහැරී ගියේ නම් අදම ඊට මුල් තැන දෙන්න. සාමාන්‍යයෙන් අන්තර්ජාතික වශයෙන් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පළමු දින ආරම්භ වනුයේ පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත්වීමේ මාසය ලෙසයි. නමුත් පියයුරු පිළිකාව යනු වසර පුරාම අපේ අවධානය යොමුවිය යුතු කරුණක් බවට පත්ව ඇත්තේ මේ වන විට ලංකාවේ ප්‍රධානතම වශයෙන් හඳුනාගත්තා පිළිකා අතර කාන්තාවන් සම්බන්ධයෙන් පළමු තැන ගන්නා පිළිකාව පියයුරු පිළිකාව වෙන බැවිනි. නමුත් ඉතාම අඩු වශයෙන් එනම් සියයට එකක් පමණ කුඩා ප්‍රතිශතයකින් පුරුෂ පක්ෂයද පියයුරු පිළිකාවන්ට ගොදුරුවීමේ ප්‍රවණතාවයක් පවතී.දැයේ සියලුම මව්වරුන් දියණිවරුන් සහ බිරින්දෑවරුන් වෙනුවෙන්ද පියවරු සහ පුතුන් වෙනුවෙන්ද පියයුරු පිළිකාව පිළිබඳ නවතම තොරතුරු ගෙන එන්නේ දැනුම්වත්වීම ඔබගේත් මගේත් අප සියල්ලන්ගේත් ජීවිතවලට පරෙස්සමක් සලසා ගන්නට එම දැනුම බොහෝ ඉවහත් විය හැකි බැවිණි.
ඔබ ඔබේ මුහුණ ගැන කොතරම් උනන්දුවක් දක්වන්නේද? එහි කිසියම් තිතතක් පැල්ලමක් මතුවුණත් ඔබ ඒ සම්බන්ධයෙන් වඩාත් කලබල වනුයේ එයින් ඔබේ රූපයට ඇති විය හැකි අවලස්සනක් ගැන වද වෙමින්. ඔබේ මුහුණ පියකරුව තබාගන්නට ඔබ උනන්දුවක් දක්වන්නේ එය කාන්තාවකගේ රූ සිරිය වඩාත් ඉස්මතුකරන අංගයක් සේ සිතමින් වීම සම්බන්ධයෙන් අප වරදක් කියන්නේ නැතත් එය ඔබේ ජීවිතයට යම් අවදානමක් කැඳවන තත්ත්වයක් නෙවෙන බව නම් සිහිපත් කරවමු. කාන්තා සිරුරක හැඩයට මනා සහයක් ලබාදෙන ඇගේ පියයුරු සම්බන්ධයෙන් ඔබ මුහුණට දක්වන අවධානය නොක්වන්නේ මන්දැයි මදක් විමසා බලන්න. ඔබේ පියයුරුවල කිසියම් වෙනසක් ඇති වී තිබේද යන්න ඔබ සොයා බැලිය යුතුම කරුණක්. මුහුණේ මෙන් වෙන අන් කිසිවෙකු ඒ ගැන ඔබට දැනුම් නොදෙන නිසාත් ඔබ ඒ ගැන අවධානය නොදක්වන නිසාත් එසේ ඇතිවන වෙනස් කම් පිළිබඳව ඔබ එතරම් සැලකිලිමත් නොවන බව ඔබ කිසියම් අවදානමක් වෙත කැඳවන තත්ත්වයක්. ඔබේ පියයුරු සම්බන්ධව ඔබට තිබෙන දැනුම කොතරම්ද යන්න අප මුලින්ම සාකච්චා කළ යුතු වනුයේ කාන්තාවකගේ පියයුරුවල පිහිටීම හැම විම තවත් කාන්තාවකගේ පිහිටීම හා සමාන කරන්නට අපහසු වීම නිසයි. ඇතමෙකුගේ පියයුරු මදක් පිරිපුන්වත් තවත් සමහරෙකුගේ එසේ නෙවෙන්නටත් හැකියි. එක් පියයුරක් අනෙක් පියයුරට වඩා මදක් කුඩා වීම එකක් අනෙකට වඩා මදක් පහතින් ඇතැයි පෙනීම ඉතාම සාමාන්‍ය දෙයක් . නමුත් පියයුරුවල ඇතැම්විට මතුවන යම් වෙනස්කම් සාමාන්‍ය තත්ත්වයක් ලෙස සිතා නොසලකා ඉන්නට යැයි අප මෙයින් ඔබව දරිගන්වන්නේ නැත.
ආර්ථවහරණයට පෙර කාන්තාවකගේ ඔසප් චක්‍රයේ යම් යම් අවස්ථාවල යම් යම් වෙනස්කම් ,පියයුරක මතුවෙන අන්දම කාන්තා ඔබට දැනෙන්නට පුලුවන්. එය බරපතල වෙනසක් නොවන්නේ එසේ වීමට හේතුව පියයුරෙහි පවතින කිරි නිපදවන පටක මාසික ඔසප්වීම පටන් ගැනීමට දින කීපයකට පෙර ක්‍රියාශීලී වීමට පටන් ගැනීම නිසයි. මේ හේතුව නිසා ඇතැම් කතුන් මේ දිනවල පියයුරුවල වේදනාවක් හා සාමාන්‍ය ගැටිති ස්වභාවයක් අත්විඳින්නට හැකියි.
නමුත් මෙහිදී තවත් එක් තත්ත්වයක් පිළිබඳව කාන්තා ඔබ දැන සිටීම වැදගත්. ආර්ථවහරණයට පසුව කිරි නිපදවෙන ග්‍රන්ථීවල ක්‍රියාකාරිත්වය නතරවීම හේතුවෙන් පියයුරු ස්පර්ෂ කිරීමේදී සෑම අවස්ථාවකම මෘදු හා ගැටිති රහිත ස්වභාවයක් ඔබේ අත්ලට දැනෙන්නට ඉඩ ඇති බව සාමාන්‍ය තත්ත්වයක් මිස කලබලවීමට තරම් හේතුවක් නොවේ. එසේනම් පියයුරු පිළිකා අවදාමක් ගෙනෙන එවන් වෙනස්කම් මොනවාදැයි ඔබ දැන් සැලකිලිමත්වනු ඇත. පළමුව ඔබ දෑත් ඉහළට එසැවීමෙන් හෝ ඉණ දෙපසට දෑත් තබා තෙරපීම වැනි අවස්ථාවල පියයුරේ හැඩයේ ප්‍රමාණයේ හෝ පෙනුමේ වෙනසක් ඇතිව තිබේ නම් එය, මේ සම්බන්ධයෙන් සැලකිලිමත්වීම වඩාත් අවශ්‍ය බව අඟවන සලකුණක් විය හැකිය. එසේම එක් පියයුරක අලුතින් ඇති වූ සහ දිගටම පවතින අපහසුතාවයක් හෝ වේදනාවක් සම්බන්ධව යම් ගැටලුවක් ඇතිනම් එය සාමාන්‍යයෙන් ඇතිනොවන නැතිනම් වෙනස් ආකාරයට ඇතිවන වේදනාවක් නම් සැලකිලිමත් විය යුතුය.
සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් පියයුරු පිළිකා සම්බන්ධයෙන් දක්වන අදහස වනුයේ ගැටිති හා ගෙඩි පමණක් එසේ පිළිකා ලක්ෂණ විය හැකි බවයි. පියයුරක මතුවන එවන් සෑම ගැටිත්තක්ම ගෙඩියක්ම පියයුරු පිළිකා නිසා ඇතිවන්නක් නොවේ. නමුත් එවන් ගැටිති හෝ ගෙඩි අන්වාර්යෙන්ම පරීක්ෂාවට ලක්වීම අවශ්‍යය. විශේෂයෙන්ම අනෙක් පියයුර හා සන්සන්දනය කිරීමේදී එය වෙනස් තත්ත්වයක් බව හැඟෙන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. මෙසේම ඔබ විසින් තන පුඩුවේ හෝ ඒ අවට ඇති වී ඇති වෙනස්කම් පිළිබඳවද සැළකිලිමත් විය යුතුය. තන පුඩුවෙන් කිරි නොවන ශ්රාවයක් පිටවීම හෝ ඒ ආශ්‍රිතව සුව නොවන රතු පැහැති තෙත සහිත දදයක් වණ වීමක් හෝ තුවාලයක් තන පුඩුව ඇතුළට ගිලායාමක් දිශාවේ වෙනසක් පවතීද යන්න සැලකිලිමත් වෙන්න .එවන් වෙනස්කමක් ඔබ දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂාවට ලක්වෙන්න. එසේම මෙය දැන් දැන් වයසින් එතරම් මුහුකුරා නොගිය කතුන් අතරින්ද වාර්ථාවෙන්නට පටන් ගෙන ඇති බැවින් අවුරුදු විස්සත් හතලිහත් අතර කතුන් වසර තුනකට වරක්ද අවුරුදු හතළිහට වැඩි කාන්තාවන් වසරකට වරක්ද පියයුරු පරීක්ෂණයට යොමුවීම වැදගත්ය.
පිළිකා රෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සලකා බලන විට කාන්තාවන් අතර බහුලම පිළිකාව වනුයේ පියයුරු පිළිකාවයි. කළින් හඳුනාගතහොත් මුලුමණින්ම සුව කළ හැකි පිළිකා රෝගයක් වූ මෙම රෝගයෙන් මුලු ලොව පුරාම මේ වන විටත් සුවය ලැබ සාර්ථක දිවි පෙවතක් ගතකරන කාන්තාවන් සිටින බව අමතක නොකළ යුතු හා ඔබ දැන සිටිය යුතුම කරුණක්. එහෙයින් කළට වේලාවට ප්‍රතිකාර සඳහා යොමුවෙන්න. මේ රෝග අපිට වැලඳෙන්නට හැකියාවක් නැහැ . අපි පවුකාරයෝ නෙවෙයි වැනි හැඟීම්වලින් අත්මිදෙන්න. පිළිකාව තවත් එක් ප්‍රතිකාර ලැබිය යුතු රෝගයක් මිස කරුමය හෝ අවාසනාව අඟවන
ලක්ෂණයක් නොවේ.
ඔබේ අවධානයට---
ඔබේ පවුලේ කිසිවෙකු පියයුරු හෝ ඩිම්බ කෝෂ පිළිකාවට ගොදුරුව සිටියේ නම්
පියයුරු පිළිකා හෝ පියයුරු සම්බන්ධ රෝගයක පෙර ඉතිහාසයක් සහිත නම්
වයස අවුරුදු එකොළහට පෙර වැඩි වියට පත්ව හෝ අවුරුදු පනස් පහෙන් පසුව ආර්ථවහරණය සිදු වූ කාන්තාවක් නම්
දරුවන් නොමැති පළමු දරු උපත අවුරුදු තිස්පහට පසුව සිදු වූ මවුකිරි ලබාදී නොමැති කාන්තාවන් හෝ ඌණ සාපල්යතාවයක් සහිත කාන්තාවන්
ආර්ථවරහණයට පසු හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර දිගුකාලීනව භාවිත කර ඇති කාන්තාවන්
මේද අධික ආහාර අනුභවකරන හෝ එළවළු පලතුරු අනුභවය අඩු කාන්තාවන්
ස්ථූල බවින් යුතු කාන්තාවන් මෙන්ම ආර්ථවහරණයට පසුව බර වැඩි වූ කාන්තාවන්
ව්‍යායාම අඩු කාන්තාවන්
මත් පැන් භාවිත කරන කාන්තාවන්
දුම්පානයට හුරු වූ හෝ අක්‍රිය දුම්පානයට ගොදුරුවන කාන්තාවන්
විකිරණවලට නිරාවරණය වූ කාන්තාවන්
ඔබ මෙවන් හේතු සහිත කාන්තාවක් නම් හෝ මෙම සටහන කියවන ඔබ පුරුෂ පක්ෂයේ අයෙක් නම්, ඔබේ මව , සොයුරිය, බිරිඳ මෙවන් අවදානමක් සහිත අයෙක් නම් වහාම ඇයව පූර්ව පරීක්ෂණ වෙත යොමු කරන්න. එයින් ඇය වඩාත් සුරක්ෂීත කාන්තාවක් බවට පත්කරන්න.
මුඛ දුර්ගන්ධය ප්‍රතිකාර පැතිය යුතු රෝගයක්ද?
කවුරුන් සමග හෝ සමීපවී කතාකරන විට ඔබේ මුවින් කිසියම් දුර්ගන්ධයක් නිකුත් වන්නේ නම් ඔබට එම අවස්ථාව ඉතා අපහසුවක් දනවන්නක් විය හැකිය. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ මුඛ දුර්ගන්ධයට හේතුව මුඛය හොඳින් පිරිසුදු නොකිරීම යන්නයි. නමුත් එය මුලුමණින්ම එවැනි දෙයක් නොවේ. මුඛ දුර්ගන්ධය ඇතිවීමට හේතු තුනක් ඇතැයි අපි පළමුව දැනුම්වත්ව සිටිමු. ස්වසන මාර්ගයේ ඇතැම් රෝග තත්ත්වයන්ද මෙයට හේතු විය හැකියි. ආමාශගත රෝග තත්ත්වයන් මෙන්ම දිගුකාලීන මළබද්ධය වැනි තත්ත්වයන් දෙවැනි හේතුව ලෙස දක්වන්නට පුලුවන්. කොහොම නමුත් විදුරුමස් රෝගද ම්ඛ දුර්ගන්ධයට හේතුවක්. දිරාගිය දත්වල ආහාර කොටස් හිරවීම නිසා ඒවා පල්වීමෙන් කෘතිම දත් පැළඳ ඒවා නිසි පරිදි පිරිසුදු නොකිරීමෙන් ද සමහර විට මුඛ දුර්ගන්ධය අතිවෙන්න පුලුවන්. එවැනි හේතු නම් පිරිසුදු කමින් තොරව වැළැක්විය නොහැකියි. මුඛයේ තුවාල ඇති වූ විටත් ආසාදන ඇති වූ විටත් ඇතිවන මුඛ දුර්ගන්ධය ප්රතිකාරවලින් සුව කරගන්නට පුලුවන්. කෙසේ නමුත් මුඛ දුර්ගන්ධයට දුම්පානයත් හේතුවන බව ඔබ දන්නවාද? මුඛ දුර්ගන්ධය කෙරෙහි සෙම් රෝගවල බලපෑමක් ඇති නිසා කළක් දුම්පානය කරන්නෙක් වෙත දුම්පානය නිසා සෙම ඇති වී ඒවා නරක් වෙන්නට පටන් ගත් විට මෙසේ දුඟද ඇතිවෙන්නට පුලුවන්. එමෙන්ම තදින් ගැස්ට්‍රයිටීස් රෝගය ඇති වූ විටත් මෙසේ මුඛයෙන් දුගඳක් හමන්නට පුලුවන්. කෙසේ නමුත් මුඛය වන වීමත් මෙසේ දුඟද මතුකරන්නට සමත් හේතුවක් බව ඔබ දන්නවා. සාමාන්‍යයෙන් කටේ ඇතිවන තුවාලයක් දින දෙකකදී සුවවෙන්නට පටන්ගන්නවා. එසේ නොවී තුවාලය සුවනොවී තිබෙනවා නම් එයට හේතුව දියවැඩියාව වැනි රෝග තත්ත්වයක් වෙන්නට පුලුවන්. මේ තත්ත්වයට විටමින් බී සහ යකඩ ඌණතාවයත් බලපාන්නට පුලුවන්. කොහොම නමුත් මුඛය වෙත දක්වන ඔබේ අවධානය වඩාත් දැඩි කරන්න කට හැර හොඳින් එතුළ බලන්න. ගෙවී ගිය දත් ඇත්නම් එය පිළිසකර කරගන්නට දන්ත වෛද්‍ය උපදෙස් පතන්න සිදුරු / ඇති වූ දත් ඇත්නම් ඒවා පුරවාගන්න. හොඳින් දත් මදින්න. දිනකට දෙවතාවක් දත් මදින්නට හුරුකරගෙන ඇත්නම් බොහෝ ගැටලු නිරාකරණය කරගත හැකිය. සෙම් අමාරු ගැස්ට්‍රයිටිස් දියවැඩියා වැනි තත්ත්වයන් සඳහා ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් වැදගත් වනු ඇත. කෙසේ නමුත් දුම්පානය සහ මත්පැන් පානය වැනි පුරුදු වහා මැඩපවත්වා ගන්න. ඒවායින් විදුරුමස් රෝගවලට යම් පිටුවහලක් ලැබෙනු ඇත.
උපදෙස් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්රිය
සටහන - නාලිකා රාජපක්ෂ