මිනි ස්ට්‍රෝක් නැතිනම් පුංචි ආඝාතයක් ඇවිත්. ඒකෙන් ගැලවුනා කියන්නේ සදාකාලයටම ආඝාතයෙන් ආරක්ෂාවීමක් නෙවෙයි. ළඟ ළඟම පූර්ව ආඝාතයක් එන පෙර මග සළකුණු වීමට එයින් ඉඩක් පවතින බව ඔබ තවමත් නොදන්නවා විය හැකියි. ආඝාතය කිවුවම බොහෝ දෙනෙක් දන්නේ සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් සිරුරේ ආබාධයන් ඇතිකරවන හදිසි තත්ත්වයක් ලෙසයි. ස්ට්‍රෝක් එකක් ඇවිත් , දැන් ඔන්න අංශභාගෙ හැදිලා කියලා ,බොහොම කණගාටුවෙන් කියන ඔබ, මේ කතාකරන්නේ වළක්වා ගත හැකිව තිබූ දෙයක් බව නිකමටවත් හිතුවාද? කොහොම නමුත් ඔබ කියන මේ ආඝාත තත්ත්වයටම නෑකම් කියන තවත් ආඝාත තත්ත්වයක් තමයි මේ., කෙටිකාලීනව පමණක් රෝග ලක්ෂණ පෙන්වන මිනි ස්ට්‍රෝක් නැතිනම් පුංචි ආඝාතය කියලා හඳුන්වන දෙයක් පවතින බව මතක් කර දෙන්න අපි අදහස් කළේ මෙවැනි ආඝාතයක් සුළුවෙන් තැකුවොත් එය ඇති වී පැය විසි හතරක් ඇතුළත සුව වී ගොස් පසුව නැවත පූර්ණ ආඝාත තත්ත්වයකට පැමිණීමට මග සලසන නිසයි. ඒ නිසා මිනි ස්ට්‍රෝක් එකක් ඇතිවුන බව හැඟුණහොත් ප්‍රමාද නොවී මේ උපදෙස් අනුගමනය කරන්න. අද සෞඛ්‍ය පිටුව වෙන් වෙන්නේ ආඝාතයක් ඇතිවෙන්න කළින් සමහර විට ඔබට දැනිය හැකි , එහෙත් නොසලකා හරින ලද ලක්ෂණ ගැන දැනුම්වත් කිරීමටයි.
අතක පයක හිරවැටීමක් අඩපණ බවක් ඇතිවෙන්නේ ආඝාතයකදීම විතරද ? මේ අපි කාටත් මතුවිය හැකි සාධාරණ ගැටළුවක් .නැහැ විවිධ හේතු නිසා ඇති වී නැති වී යන වෙනත් රෝගවලදිත් මෙවැනි දෙයක් අත්විඳන්න පුළුවන්. විශේෂයෙන් බිම ඉඳගෙන සිට නැවත නැගී සිටිය සැණින් කකුල හිරි වැටී ඇවිදීමේ අපහසුතාවයක් ඇති වීම අපි කවුරුත් අත්විඳ ඇතිවාට සැකයක් නැහැ. ඒ වැඩි වේලාවක් එකම ඉරියව්වේ සිටීම නිසා රුධිර ගමනාගමනයට ඇති වූ බාධාවක් නිසා සිද්දවෙච්ච සුළු ආපදාවක් වුණත් පුංචි ආඝාතයකදී ඇතිවෙන හිරිවැටීමත් එවන් සුළු ලක්ෂණයක් ලෙස හිතන්න ඉක්මන් වෙන්න එපා. මේ විදිහට ආඝාතයකදී මතුවෙන ලක්ෂණ වෙනත් රෝගවලදීත් මතුවිය හැකි නිසා බොහෝ දෙනෙක් මේ ගැන එතරම් අවධානයක් දක්වන්නේ නැති විය හැකියි. නමුත් එකවරම හිටිගමන්ම ඇතිවෙන තද හිසරදය, හදිසියේ ඇතිවෙන ගිලීමේ අපහසුතා, හදිසියේ ඇතිවෙන පෙනීමේ වෙනස්කම්, හදිසියේ ඇතිවෙන ඇවිදීමේ අපහසුකම්, කරකැවිල්ල සහ සමතුලිතතාවයේ වෙනස්කම් , හදිසියේම ඇතිවෙන ශරීරයේ එක් පැත්තක පණ නැතිවීම හෝ, දැනීමේ වෙනස්කම් පුංචි ආඝාතයක ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම ආඝාතයේ ලක්ෂණ සම්බන්ධයෙන් ක්ෂණීකව ක්‍රියාත්මක වෙන්න නම් ෆාස්ට් යනුවෙන් ඉංග්‍රීසි බසින් හඳුන්වන අකුරුවලින් කියවෙන ආකාරය පිළිබඳව සැළකිලිමත්වීම වැදගත්ය.
එෆ් ( F ) යන අක්ෂරයෙන් ෆේස් නැතිනම් මුහුණ යන අංගයේ ඇතිවෙන වෙනස්කම් මොනවාදැයි විමසුවහොත් එය අපට මෙසේ කිව හැකිය. මුහුණේ පැත්තක් පණ නැතිවීම, කට පැත්තකට ඇදවීමක් වැනි තත්ත්වයක් හදිසියේම ඇතිවුව හොත් එය ආඝාතයේ ලක්ෂණයක්ද යන්න විමසිලිමත්විය යුතුය.
ආර්ම් (A)නැතිනම් අත සම්බන්ධයෙන් මතුවන රෝග ලක්ෂණ සැළකුවහොත් එක් අතක් හෝ කකුලක් පණ නැතිවී හෝ අඩ පණ වී යනු ඇත. ඊළඟට ඇත්තේ කතාවේ වෙනසක් ඇති වී ඇත්ද යන්නයි.
ස්පීච් ( S) යනුවෙන් අප එම කොටස පිළිබඳ කතාකරමු. කතාවේ වෙනසක් එනම් කතාවේ වචන පැටලිලි ස්වරූපයක්, හෝ යමෙකු කියන දෙයක් පැහැදිලිව වටහා ගැනීමට අපොහොසත්වීමක්ද එක් ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය.
ටයිමි ( T) යන්නෙන් අදහස් කරන්නේ කළ යුතු දේ සම්බන්ධයෙනි. එනම් පමා නොවිය යුතු බවත් වහාම රෝහලට රැඟෙන ආ යුතු බවත්ය. මේ අනුව ආඝාතය සම්බන්ධයෙන් FAST යන වදනය යෙදීමේ අරුත ඔබට පැහැදිලි වනු ඇති.
දැන් අපි පුංචි ආඝාතය ගැන දැනුම්වත්වමු. මේ කියන තත්ත්වයේදී සිදුවෙන්නේ ආඝාතයට අදාල රෝග ලක්ෂණ සුළු වේලාවක් හෝ පැය කීපයක් පැවතීමයි. නමුත් පුංචි ආඝාත තත්ත්වයක් පැය විසිහතරක් තුළ සම්පූර්ණයෙන්ම සුව වී යයි. සාමාන්‍යයෙන් පුංචි ආඝාත තත්ත්වය අපි T I A නමින් හඳුන්වන අතර එම තත්ත්වය මරණයට හෝ ස්ථීර ආබාධිත තත්ත්වයකට හේතුවෙන පූර්ණ ආඝාතයක පෙර නිමිත්තක් විය හැකිය.
ආඝාත තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු දෙකත් බලපෑ හැකිය. එක් හේතුවක් වනුයේ රුධිර නාල අවහිරවීමයි. ආඝාත බොහෝමයක් ඇතිවන්නේ මෙම ක්‍රමය නිසාය. ලේ කැටියක් සිරවීමෙන් ලේ නහරයක් අවහිරවීමෙන් මේ කියන ආඝාතය ඇතිවිය හැකිය.
දෙවැනි ආකාරය වනුයේ රුධිර නාල පිපිරී මොළය තුළට ලේ ගැලීමෙනි. මෙය සිදුවීමට හේතුකාරක වනුයේ මොළය තුළ ලේ නහරයක් පිපිරීමයි. දැන් අපි මෙවන් තත්ත්වයක් ඇතිවීමට ඔබට බලපෑ හැකි ශාරීරික හේතු සම්බන්ධයෙන් විමසමු. පළමුව අපි මේ යටතේ අපට වෙනස්කර ගත හැකි හේතු විමසමු. අධික රුධිර පීඩනය වළක්වා ගත යුත්තේ ආඝාතයට තුඩුදෙන ප්‍රධාන තත්ත්වයක්ව පැවතීම නිසාය. එමෙන්ම ලේවල අධික මේද තත්ත්වයන් වඩාත් පැහැදිලි කළහොත් කොලෙස්ටරෝල් තත්ත්වයන්, දියවැඩියාව, හද ගැස්මේ අසාමාන්‍යතා, දුම්පානය, තරබාරුකම, ශාරීරික ව්‍යායාම මද බව, අධික මත්පැන් පානය. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පිළිවෙත් යනාදී හේතු ආඝාතය සඳහා තුඩු දිය හැකි වුවත් ඒවා අපට පාලනය කළ හැකිය. නමුත් වෙනස් කළ නොහැකි හේතු සම්බන්ධයෙන්ද දැනුම්වත්ව සිටින්න, ඒ යම් පුද්ගලයෙකු වයස අවුරුදු 65 ට වැඩි වීම, පවුලේ ළඟම ලේ ඥාතියෙකුට ආඝාතය සෑදී තිබීම. මීට පෙර ආඝාතයක් හෝ පුංචි ආඝාතයක් සෑදී තිබීමයි.
දැන් අපි පුංචි ආඝාතය හෝ ආඝාත අවධානම අඩුකරගන්නා ආකාරය පිළිබඳව දැනුම්වත් වෙමු. අපි පළමුව අපට දියවැඩියාව, කොලෙස්ටරෝල සහ අධි රුධිර පීඩනය කියන තත්ත්වයන් ඇතිනම් ඒවා නිසි ඇවතුම් පැවතුම් සහ ප්‍රතිකාර ලැබීම්වලින් පාලනය කිරීමට උත්සහ ගත යුතුය. එසේ නිසි පාලනයකට නතු කළ මෙම රෝගවලින් ආඝාත අවධානම අඩු කළ හැකිය. සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිවෙත් අනුගමනය කිරීමෙන්, නිරතුරු ශාරීරික ව්‍යායාම්වල යෙදීමෙන් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් පාලනය කළ හැකිය. එමෙන්ම හද ගැස්මේ අක්‍රමිකතා ද ක්රමික කරගැනීම අවශ්‍යය. යනු හද ගැස්ම ක්‍රමානුකූලව සිදුනොවෙන රෝගී තත්ත්වයකි. මෙය ඕනෑම වයස් සීමාවකදී කෙනෙකුට ඇති විය හැකි නමුත් වයස්ගත පුද්ගලයන් අතර වඩාත්ම බහුලවේ. අධික රුධිර පීඩනය. හෘද රෝග සහ පෙණහලු රෝග ඇති අය අතරද බහුලය. ඉක්මණින් හඳුනාගැනීම සහ වෛද්‍ය උපදෙස් මත අදාල ප්‍රතිකාර වෙත යොමුවීම ඉතා වැදගත්වේ. මේ හැරෙන්නට දුම්පානය සහ අධික මත්පැන් පානයද වහා නවතා ගත යුතුවෙයි. දුම්පානය මොළයේ ලේ ගමන අවහිරවීමට හේතුවන, ලේ නහරවල වෙනස්කම් බොහොමයක් ඇතිකරන ක්‍රියාවකි. ඒ නිසා වහාම දුම්පානය නැවතිය යුතුය. අධිකව මත් පැන් පානය කරන්නේ නම් ආඝාත අවධානම 50% න් වැඩිකරයි. ඒ නිසා වහාම එය අත්හල යුතුය.ඇතැම් පුද්ගලයන් මත් පැන් ස්වල්ප වශයෙන් පානය කිරීම මෙවන් රෝගවලට සුදුසු ක්‍රියාවක් සේ සලකයි. නමුත් මත් පැන් යනු කිසිම රෝගයකට ඖෂධයක් නොවේ. සිරුර අඩපණ කරවන රසායණික සංයෝගයක් එහි අන්තර්ගත වන බව ඔබ දනී. නමුත් නිරෝගී පුද්ගලයෙකුට අවශ්‍ය ඇවිදගන්නවත් පණක් නැති අඩපණ සිරුරක් නොවේ. එවන් දුලබ බවක් සහිත සිරුරක් කිසිවෙකුගේ ආකර්ශණයට ලක් නොවන අතර එවන් ලක්ෂණ දුටුවිටම ඔහු අවඥාවට සහ විහිළුවට ලක්විය හැකි බව ඔබ දනී. පුද්ගලයෙකු වඩාත් ආකර්ශණීය වනුයේ ශක්තිසම්පන්නව නිරෝගී පෙනුමකින් පසුවන විටය. නමුත් මත් පැන් භාවිත කරන්නෙකු කෙසේවත් ඒ ආකර්ශණයට අයත් නොවන බැවින් මත් පැන් හා වීරත්වයක් හා පිළිගැනීමක් ඇතිවන්නේය යන මිත්‍යා මතයෙන් මුළුමනින්ම ඈත්වෙන්න. දුම්පානයද එසේමය. එම දුමෙන් ඔබේ පෙණහැල්ල පිරී තාර බැඳෙනවා හැරෙන්න සිරුරට ගුණැති හෝ කිසිම රෝගයකට ගුණයක් සපයන කිසිවක් එහි අඩංගු නොවේ.
වඩා සුදුසුවන්නේ ආඝාතය වළක්වා ගැනීමය. නමුත් ආඝාතයක් ඇතිවුවහොත් එයට නොපමාව ප්‍රතිකාර ලබාදීමෙන් බොහෝ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. ආඝාතයට බටහිර වෛද්‍ය ප්‍රතිකාර නැත යන්න මිත්‍යා මතයකි. ආඝාතයෙන් ඇතිවෙන මරණ සහ ආබාධිත තත්ත්වයන් අවම කරගත හැකි බොහෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම දැනට භාවිතයේ ඇත. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට ආඝාත ලක්ෂණයක් මතුවුවහොත් වහාම ළඟම ඇති රෝහලට යොමුවෙන්න. ආඝාතය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල සහ ආබාධිත තත්ත්වයන් නිසි ප්‍රතිකාර මගින් අවමකර ගත හැකිය .මරණය වළක්වා ගත හැකිය. විශේෂයෙන්ම විශේෂ ස්නායු වෛද්‍යවරයෙකුගේ සේවාවාන් ඇති රෝහල් මේ සඳහා වඩාත් සුදුසුය. කොළඹ ජාතික රෝහල , සියලුම ශික්ෂණ රෝහල් , රාගම, කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර, මහනුවර, පේරාදෙණිය, කරාපිටිය, යාපනය, අනුරාධපුර, මඩකලපුව යන රෝහල්ද. සියලුම පළාත් මහරෝහල්ද එනම් කුරුණෑගල , රත්නපුර, බදුල්ල, මාතර, සහ කලුතර යන රෝහල්ද දිවයින පුරා ඇති පෞද්ගලික රෝහල්වලද මේ සඳහා ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් ඇත.
කිසියම් ආඝාත ලක්ෂණයක් මතුවූ වහාම කල් යල් නොබලා හැකි ඉක්මණින් රෝගියාව විශේෂ ආධාත ඒකකයක් සහිත අප මුලින් කියූ ආකාරයේ රෝහලක් වෙත ගෙන යන්න. ඇතැම් විට එසේ සුළු ලක්ෂණ පෙන්වූ ආඝාතය වඩාත් ඉක්මණින් පූර්ණ ආඝාත තත්ත්වයක් ඇතිකරවන්නට ඉඩ ඇති බැවින් එය වළක්වාගන්නට එයින් අවස්ථාව ලැබේ.
සමහරුන් සිතන්නේ ආඝාතයක් ඇතිවෙන්නට ඉඩ ඇත්තෙ වියපත් පුද්ගලයන්ට පමණක් බවයි. නමුත් එය මෙකළ එතරම් හොඳ මතයක් නොවේ. වයස කුමක්වුවත් මෙම ලක්ෂණ යනු සාමාන්‍ය පුද්ගලයෙකුට මුහුණ දෙන්නට සිදුවෙන නීරෝගී අයෙකුගේ ලක්ෂණයක් නොවේ. වහා ක්රියාකාරීවෙන්න. ඔබ කිනම් හෝ නිදන්ගත රෝගයකින් එනම් අධිරුධිර පීඩනය , දියවැඩියාව, කොලෙස්ටරෝල අධික බව , හෝ හෘදරෝග ආදිය සඳහා ප්‍රතිකාර ලබන්නේ නම් මෙවන් රෝග ලක්ෂණයක් සහිතව රෝහලට ගිය විට ඒ බව වෛද්‍යවරයාට නිවැරදි තොරතුරු ලබා දෙන්න.
සටහන - නාලිකා රාජපක්ෂ