නව නිෂ්පාදනය ඇතුළු මේ වනවිට වේදිකා නාට්‍යය විසිපහක් පමණ වේදිකාවට ගෙන ආ ප්‍රියන්ත රංජන්ගේ %මල්වඩම් අනවශ්‍යයි^ වේදිකා නාට්‍යයේ සියවැනි දර්ශනය අනිද්දා (24දා) සවස 3.30ට සහ 6.45ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වීමට නියමිතය. මේ පිළිබඳව ප්‍රියන්ත සමග කළ සංවාදයකි.
Q 'මල්වඩම් අනවශ්‍යයි' වේදිකා නාට්‍යයේ පැවැත්වීමට නියමිත සියවැනි වේදිකාගත කිරීම ගැන ඔබේ අදහස?
මේ කාලයේ වේදිකා නාට්‍යයක් දර්ශන වාර සියයක් වේදිකාගත කිරීම කියන්නේ බොහෝ අසීරු කටයුත්තක්. ඊටත් වඩා අසීරු කටයුත්ත තමයි වේදිකා නාට්‍යයක් පවත්වාගෙන යෑම. දර්ශන සියයක් පවත්වාගෙන යෑම කියන්නේ අභියෝගයක්. මේ වේදිකා නාට්‍යයට විජයනන්දසිරි මහතා දායක වී සිටියා. ඔහුගේ වියෝවෙන් පසු නාට්‍යය කලාවෙම යම් පසුබෑමක් ඇතිවුණා. පසුව එම චරිතයට තිලක් කුමාර රත්නායක මහතා දායක වුණා. මේ වනවිට දර්ශන වාර සියයට පැමිණ තිබෙනවා. ඇත්තටම ඒක ලොකු අභියෝගයක්.
Q වේදිකා නාට්‍යය ක්ෂේත්රයේ තිබෙන ගැටලුවලට දේශපාලනික මැදිහත් වීම කෙලෙසකද?
දේශපාලකයන් කියලා කවුරුත් මැදිහත්වෙන්නේ නැහැ මෙයට. රංගන ශිල්පීන්ම කීදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවාද? ඔවුන්වත් මේ කලාව පෝෂණය කරන්න කටයුතු කරන්නේ නැහැ. නාට්‍යය කලාව ගෙන යන්නේ හතර පස්දෙනෙක් විසින්. කිසිම අනුග්‍රහයක් ලැබෙන්නේ නැති ක්ෂේත්රයක් බවට පත්වෙලා. සම්මාන උලෙළක් පැවතුණත් පවතින්නේ ටෙලි නාට්‍යවලට හා චිත්‍රපටවලට පමණයි. 'හවුස් ඔෆ් ඩ්‍රාමා' වෙතින් වත් ආයෝජකයෙක් සොයාගෙන නාට්‍යකරුවන්ට සම්මානයක් ලබාදීමට මගේ අදහසක් තිබෙනවා. ඉදිරියේදී ඒ වෙනුවෙන් මම කටයුතු කරන්න උත්සාහ කරනවා.
Q රාජ්‍ය නාට්‍යය උලෙළ පැවැත්වෙනවා. නමුත් ඔබේ නිර්මාණ සම්මාන උලෙළට ඉදිරිපත් වෙන්නෙ නැද්ද?
සම්මාන උලෙළවලට නාට්‍යය යොමුකරන්නේ නැහැ. සරත්චන්ද්‍ර මහත්තයා, හේන්රි ජයසේන වැනි අයට මිනිසුන්ගේ සම්මාන තිබෙනවා, සම්මාන උලෙළවලට යොමු කරන්නේ නැහැ. අපේ නාට්‍යවලට මිනිසුන්ගේ සම්මාන ලැබිලා තිබෙනවා. තවත් සම්මාන අවශ්‍ය නැහැ. නාට්‍යය කරන්නේ ආසාවෙන්. ණයවෙලා නාට්‍යය කරන්නෙ. අපට මිනිසුන්ගෙන් ලැබෙන ඇගයීම ගැන තෘප්තිමත්.
Q අද වනවිට ප්‍රහසනය මූලික කරගෙන බොහෝ නාට්‍යය නිර්මාණය වෙනවා. 'මල්වඩම් අනවශ්‍යයි' නාට්‍යයත් එහෙමයි. ඒ ගැන ඔබේ අදහස?
මෙහි ප්‍රහසනය වගේම සමාජ ප්‍රශ්නයක් තියෙන්නෙ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ධනය, බලය, නිලතල ලැබුණාම මැරෙන්නේ නැහැ, නොමැරී ඉන්නවා කියලා. කොතරම් සැප සම්පත් තිබුණත් අවසානයේ මැරෙනවා කියලා තමයි කියන්නෙ. හාස්‍යය කියන්නේ ගරහන්න ඕන දෙයක් නෙමෙයි. මෙවැනි රටවලට හාස්‍යය අවශ්‍යයි. 'සිංහබාහු', 'මනමේ' වගේ නාට්‍යය මේ තරම් දර්ශන වාර සංඛ්‍යාවක් වේදිකාගත වෙන්නෙ හාස්‍යය නිසා නෙමෙයි. නිර්මාණයක මූලික විය යුත්තේ රසවින්දනය. රසවින්දනය තුළින් මිනිසුන් නාට්‍යය තෝරගනියි කියලා මම හිතනවා. ශාස්ත්‍රීය නාට්‍යය අද සිදුවන්නේ විශ්වවිද්‍යාල මට්ටමින් පමණයි. එවැනි නාට්‍යවලදී සාමාන්‍ය ප්‍රේක්ෂකයන් ආසනවලින් නැගිට යනවා. එවැනි තත්ත්වයක් තමයි තිබෙන්නෙ.
Q 'මල්වඩම් අනවශ්‍යයි' නාට්‍යයේ ආරම්භයේදී ඔබ යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දුන්නා නේද?
මෙහි පිටපත ලබාගත්තට පසු 16 වතාවක් මට පොලීසියට යන්න සිදුවුණා. මෙහි මුලින් තිබූ නම වෙනස් කළ ප්‍රශ්නයකට. උදෑසන කාටවත් නොකියා මම පොලීසියට ගියා. සවස %රියසල්^ එකට යනවා. කිසිම රංගන ශිල්පියෙකුට එය කිව්වේ නැහැ. ඔවුන් මානසිකව වැටෙන නිසා. මේ නාට්‍ය මුල් කාලයේ මානසික පීඩනයක් බවට පත්වුණා. මේ වනවිට එය නිරාකරණය වී ඔවුන් හිතවත්ව සිටිනවා. මේක හම්බකරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නළු නිළියන් පවා සහයෝගයෙන් කටයුතු කරනවා. සරත් කුලාංග, වසන්ත විට්ටච්චි, කුමාර තිරිමාදුර, තිලක් කුමාර රත්නායක, චරිත් සේනානායක, සුරනි කෝසලා, කුමාර සේනාරත්න. සරත් කුලාංග සංගීතයෙන් සහ ක්ලයෝ මාරිස් රචනයෙන් දායක වුණා. ඒ වගේම මට විශේෂයෙන් මතක් කළ යුතුයි විජය අයියාව. විජය නන්දසිරි තමයි මේ නාට්‍යය තුළ අද වනවිට නැත්තේ. විජය අයියා හිටියා නම්, මේ නාට්‍යය දර්ශන වාර පන්සියය පසුකර අවසන්. අපි නාට්‍යය ආරම්භ කරන්න පෙරත් ඔහුව සිහිකර පහනක් දල්වා තමයි නාට්‍යය වේදිකාගත කරන්නෙ. මේ පිටපතට විජය අයියා මුලින් කැමැති වුණේ නැහැ. %මල්වඩම් අනවශ්‍යයි^ ප්‍රථම දැක්ම කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සංවිධානය කර තිබුණේ. එදින ඔහු කුරුණෑගල සිට කොළඔට එනකම් නැටුවා, එහි සාර්ථකත්වයට.
'මල්වඩම් අනවශ්‍යයි' 100 වැනි දැක්ම බලන්න හැම දෙනාටම ආරාධනා කරනවා.