ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන, මෙරට අලෙවිකරණ ක්ෂේත්රයේ විශිෂ්ට සන්නාමයන්, ජාතික මට්ටමේ ඉහළම සම්මානයට පාත්‍ර වන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙල, SLIM Brand Excellence අඛණ්ඩ 17 වැනි වරටත් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබේ.
පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුව හා සමගාමීව මෙය දියත් කෙරුණු අතර එහි සම්මාන ප්රදානෝත්සවය මෙම නොවැම්බර් මාසයේදී ෂැංග්‍රී-ලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව, රට පුරා විහිද විසිර පවතින ආයතන සඳහා සිය සන්නාම වෙනුවෙන් අගොස්තු 15 වැනිදාට ප්‍රථම මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කරන මෙන් SLIM විසින් ඉල්ලා සිටියි. ඒ සඳහා ඉදිරිපත් වන්නන් වෙනුවෙන් විශේෂ වැඩමුළු මාලාවක් ජූලි සහ අගොස්තු මාසවලදී ක්‍රියාත්මක කිරීමටද සංවිධායකයන් විසින් කටයුතු යොදා තිබේ.
සියලූම සන්නාමයන්, සන්නාම හිමිකාරීත්වයන් සහ ව්‍යවසායකයන් එකිනෙකින් වෙනස් වූ අංශ 13ක් යටතේ මෙවර පිදුම් ලබනු ඇත. වසරේ නිෂ්පාදන සන්නාමය, වසරේ සේවා සන්නාමය, වසරේ නවෝත්පාදන සන්නාමය, වසරේ දේශීය සන්නාමය, වසරේ කුළුඳුල් තරගකරුවා, වසරේ ජාත්‍යන්තර සන්නාමය, වසරේ කුඩා සහ මධ්‍ය පරිමාණ සන්නාමය, වසරේ සමාජ සත්කාරක සේවා සන්නාමය, වසරේ අපනයන සන්නාමය, වසරේ ප්‍රාදේශීය වශයෙන් පිළිගැනීමට ලත් සන්නාම, Turn-a-Round Brand of the Year, B2B Brand of the Year සහ Online Brand of the Year ආදී වශයෙන් කාණ්ඩ 13ක් යටතේ මෙවර සම්මාන පිදෙනු ඇත. මෙවර එහි තීරක මඬුල්ල ලෙසින් රේණුකා ෆුඩ්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිනේෂ් නල්ලයියා ප්රමුඛ අලෙවිකරණ ක්ෂේත්රයේ ඉහළින්ම පිළිගැනීමට ලක්වූ කීර්තිමත් වෘත්තිකයන් පිරිසක් ක්‍රියාකරන බව දැනුම් දෙන ලදී.
‘මෙහිදී, අදහස් දක්වමින් SLIM හි සභාපති සහ ලංකා හොස්පිට්ල්ස් ඩයග්නොස්ටික්ස් (පෞද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඩ්වඩ් මහතා පවසා සිටියේ, &SLIM Brand Excellence සම්මාන උළෙල අප පවත්වනු ලබන්නේ අලෙවිකරණ ක්ෂේත්රයේ සංවර්ධනය දිරිගැන්වීමේ අරමුණින් යුතුවයි. එය රටේ ආර්ථිකයේ සංවර්ධනයට සෘජුවම දායක වෙනවා. SLIM Brand Excellence යනු දේශීය මෙන්ම ජාත්‍යන්තර සන්නාම සියල්ලට ශ්‍රී ලංකාව තුළ නිසි පිළිගැනීමට ලක්වීම සඳහා අගනා අවස්ථාවක්* යනුවෙනි.
‘ඉදිරිපත් වන්නන්ගේ විවිධත්වය අරමුණු කර ගනිමින් මෙවර SLIM Brand Excellence සම්මාන උළෙල වෙනසකට බඳුන් කර ඇතැයි 2018 සම්මාන උළෙලෙහි ව්‍යාපෘති සභාපති රංග පෙරේරා මහතා පවසා සිටියේය. &මේ සම්මාන ඉතිහාසයේ ප්‍රථම වරට සුළු හා මධ්‍ය පරිමාණ අංශය වෙනුවෙන් ඇතුළත්වීමේ මාර්ගෝපදේශනය සිංහල භාෂාවෙන්ද ඉදිරිපත් කර තිබෙනවා. සමාජ සත්කාරක අංශයේ ඇතුළත්වීමේ ක්රමවේදයද වෙනසකට ලක්කර තිබෙනවා. මෙරට ආයතනික දින දසුනේ ඉහළින්ම බලාපොරොත්තු රඳවන සම්මාන උළෙල වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සියලු සන්නාමයන්, සන්නාම දරන්නන් සහ විශිෂ්ටත්වය අපේක්ෂා කරන සියලු ව්‍යවසායකයන් වෙතින් මා ඉල්ලා සිටිනවා* යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවර SLIM Brand Excellence සම්මාන උළෙල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.