ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 2023 අගෝස්තු 12 වැනි දින මීගමුවේ Jetwing Blue හෝටලේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ.
ආයෝජනය පිළිබඳ අධ්‍යාපනයේ සහ ආයෝජකයන්ගේ සුරක්ෂිතතාවයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි.
ආයෝජනය පිළිබඳ අධ්‍යයනයේ සහ ආයෝජකයන්ගේ සුරක්ෂිතතාවයේ වැදගත්කම පිළිබඳව වටිනා අවබෝධයක් ලබා දුන්, 130කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ බහුතරයක්, ප්‍රදේශයේ වෘත්තිකයන් සහ ව්‍යාපාර ප්රජාවවීම විශේෂයකි.
SEC හි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න මහතා විසින් ආයෝජන, ආයෝජන කිරීමේ ක්‍රියාවලිය සහ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනයේ වාසි සහ අවාසි පිළිබඳව මූලික දැනුමක් ලබාදෙන ලදී. CSE ජංගම යෙදුම (Mobile App) පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් CSE මහනුවර ශාඛාවේ විධායක, මාධව අරමන්දෙණිය මහතා විසින් පවත්වන ලදී.
තවද, සොෆ්ට්ලොජික් කොටස් තැරැව්කරුවන්ගේ පුද්ගලික සමාගමෙහි (Softlogic Stockbrokers (PVT) Ltd), සම ප්‍රධානී-පර්යේෂණ රේනාල් වික්‍රමරත්න මහතා විසින් ආංශික කාර්යය සාධනය සහ ආයෝජන අවස්ථා පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.
තවද, තුෂාර ජයරත්න මහතා, රේනාල් වික්‍රමරත්න මහතා සහ CSE මහනුවර ශාඛාවේ කළමනාකරු ධනංජය අබේසිරිවර්ධන මහතා සහභාගිත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්විණි. තවද, කොටස් තැරැව්කාර සමාගම්වල ආයෝජක උපදේශකයන් සහ ඒකකභාර සමාගම්වල නියෝජිතයන් හමුවීමටද සහභාගි වන්නන්ට අවස්ථාව ලැබුණි.
මූල්‍ය සාක්ෂරතාවේ වැදගත්කම හුවා දක්වමින් ආයෝජන අධ්‍යාපනය සහ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා, බදුල්ල, පානදුර, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව ප්‍රදේශවල ආයෝජක සම්මන්ත්රණ SEC සහ CSE විසින් මෙම වසරේදී පවත්වන ලදී.