ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 2023මැයි 30 වැනි දින අම්පාර මොන්ටි හෝටලයේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ.
ආයෝජක අධ්‍යාපනයේ සහ ආයෝජකයන්ගේ ආරක්ෂාවේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි.
ආයෝජක අධ්‍යාපනය සහ ආයෝජකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වටිනා අවබෝධයක් ලබාදුන්, 90කට අධික පිරිසක සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ බහුතරයක්, ප්‍රදේශයේ වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව වීම විශේෂත්වයකි.
SEC හි බාහිර සබඳතා කළමනාකරු නිමල් කුමාරසිංහ මහතා විසින් ආයෝජන, ආයෝජනය කිරීමේ ක්‍රියාවලිය සහ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනයේ වාසි සහ අවාසි පිළිබඳව මූලික දැනුමක් ලබාදෙන ලදී. CSE ජංගම යෙදුම (Mobile App) පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් CSE මහනුවර ශාඛාවේ විධායක, මාධව අරමන්දෙණිය මහතා විසින් පවත්වන ලදී.
තවද, Acuity ස්ටොක් බ්‍රෝකර්ස් පුද්ගලික සමාගමේ, අලෙවිකරණ අධ්යක්ෂ කපිල පතිරගේ මහතා විසින් ආංශික කාර්ය සාධනය සහ වෙළෙඳපොළ ආයෝජන අවස්ථා පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.
නිමල් කුමාරසිංහ, කපිල පතිරගේ සහ CSE හි ජ්‍යෙෂෟඨ උප සභාපති- අලෙවිකරණ, නිරෝෂන් විජේසුන්දර, යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් විද්වත් සාකච්ඡාවක්ද පැවැත්විණි.
තවද,කොටස් තැරැව්කාර සමාගම්වල ආයෝජන උපදේශකයන් සහ ඒකකභාර කළමනාකරණ සමාගම්වල නියෝජිතයින් හමුවීමටද සහභාගි වන්නන්ට අවස්ථාව දෙන ලදී.
මූල්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම හුවා දක්වමින් ආයෝජක අධ්‍යාපනය සහ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා, මීගමුව, කොළඹ, අනුරාධපුරසහ මඩකලපුව වැනි ස්ථානවල තවත් ආයෝජක සම්මන්ත්රණගණනාවක් ඉදිරියේදී පැවැත්වීමට SEC සහ CSE විසින් සැලසුම් කර ඇත.