මිල සූත්‍රයට අනුව ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව ලංකා අයි. ඕ. සී සමාගමද ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
එම සමාගම පවසන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින්ද, එක්ස්ට්‍රා ප්‍රිමියර් පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 5කින්ද ඉහල ඉහළ දමන බවයි.
එමෙන්ම, සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 2කින්ද ඉහළ දැමිමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කටද, ඔක්ටේන් 95 වර්ගයේ එක්ස්ට්‍රා ප්‍රිමයර් පෙට්‍රල් ලීටරයක් රුපියල් 167කටද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 136කටද අයි.ඕ.සී සමාගම මගින් අලෙවි කරනු ඇත.