INCO 2018 (ඉන්කෝ 2018) කර්මාන්ත ප්‍රදර්ශන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන මාධ්‍යස්ථානයේදී පසුගියදා 24දා සාර්ථකව නිමාව දුටුවේය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ හා සමාජ සුභ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ සංවිධානයෙන්, ශ්‍රී ලංකා වරලත් ඉංජිනේරු ආයතනය මෙවර INCO 2018 ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර, මෙවර ප්‍රදර්ශනයේ තේමාව 'කර්මාන්ත සංවර්ධනයට නවෝත්පාදන' යන්නයි.
2002 වසරේදී මුල්වරට ආරම්භ කරන ලද මෙම INCO කර්මාන්ත ප්‍රදර්ශනය මෙවර පවත්වා තිබුණේ 16 වැනි වරටය.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශ නවෝත්පාදන ක්ෂේත්රයේ සංවර්ධනය උදෙසා මෙම ප්‍රදර්ශනයෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කෙරෙන අතර, මෙහි දෙස් විදෙස් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණයේ ප්‍රදර්ශන කුටි 250කට අධික ප්‍රමාණයක් මෙවර එක්ව තිබුණි.
ජුනි 22දා ආරම්භ වූ ප්‍රදර්ශනය 24දා දක්වා ගෙවීගිය දින තුනක කාලය තුළ විශාල පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත්වූ බව සංවිධායකයෝ පවසති.