හම්බන්තොට දිස්ත්‍රික්කය සහ ඒ අවට කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ වැඩිදියුණුව උදෙසා ප්රගතිශීලී ප්‍රජා ව්‍යාපෘතියක් ගෙනඒමේ අරමුණින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය සමඟ අත්වැල් බැඳගෙන තිබේ.
“ජනතාවගේ යහපැවැත්ම උදෙසා කැපවී කටයුතු කරන ආයතනයක් වශයෙන්, අප කලාපයේ කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා අර්ථවත් අවස්ථා නිර්මාණය කිරීම HIP හි බලාපොරොත්තුවයි. කුඩා පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය සමඟ විවෘත කර ඇති අපගේ ‘Sea Fair’ සල්පිල එවන් අවස්ථාවක්. මගී ප්‍රවාහන ව්‍යාපාරය වරාය තුළ ප්‍රචළිත වීමත් සමග දේශීය භාණ්ඩ ගොඩබසින සංචාරකයින් වෙත ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව, කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට සල්පිල තුළින් උදාකර ඇති” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයට ආවේණික වූ ආකර්ශනීය දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනය කරන ‘Sea Fair’ සල්පිල මගී ප්‍රවාහන නෞකා පැමිණීම්වලට සමගාමීව පැවැත්වීමට නියමිත අතර, ප්‍රදර්ශකයන් වෙත එම දිනයන් පිළිබඳ පූර්ව දැනුම්දීමක් වරාය විසින් සිදුකරනු ලැබේ. ‘Sea Fair’ සල්පිල සඳහා සියලුම යටිතල පහසුකම් HIP විසින් ව්‍යවසායකයන්ට නොමිලේ සපයනු ඇත.
කුඩා පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය සහ HIP අතර හවුල්කාරිත්වයෙන් සිදු කරන මෙම ප්‍රජා ව්‍යාපෘතිය දේශීය ආර්ථිකය ශක්තිමත් කරන අතරම විදෙස් ආගන්තුකයන්ට විශේෂිත සංචාරක අත්දැකීමක් ලබා දීමටද ඉවහල් වනු ඇත.
ජායාරූප විග්‍රහය - HIPG හි ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා සහ හම්බන්තොට කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂ ජී.පී.පේමසිරි මහතා ‘Sea Fair’ සල්පිල ආරම්භ කරමින්.