හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) අලෙවිකරණ කණ්ඩායම අගෝස්තු මස අවසන් සතියේ ජපානයේ චාරිකාවක යෙදුනි. එහි ප්‍රධාන අරමුණ වූයේ වරායේ මූලික ව්‍යාපාරය වන රෝ රෝ මෙහෙයුම් ඇතුළු අනෙකුත් සේවාවන් පිළිබඳ ජපන් වෙළෙඳපොළ දැනුවත් කිරීම බව කියයි.
සංචාරක සීමාවන් ඉවත් කිරීමෙන් පසු ලැබුණු පළමු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් HIPG කණ්ඩායම, ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය (SLAAJ) සහ ජපානයේ පාවිච්චි කළ මෝටර් රථ අපනයනකරුවන්ගේ සංගමය (JUMVE) හමුවී, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, වාහන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ලබමින් සිටින ප්‍රසිද්ධිය පිළිබඳ සාකච්ජා ඇරඹීය.
ප්රමුඛ පෙළේ, භාවිත කළ වාහන අපනයනකරුවන්ගේ සංගමය, HIP කණ්ඩායමට ජපානයේ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් සහ අනෙකුත් ඉහළ නිලධාරීන් හමුවීමේ අවස්ථා උදාකර දුනි. යොකොහාමා වරායේ සභාපති ශින්සුකේ ඉටෝ ඇතුළු වරාය
නිලධාරීන් හමු වූ HIP කණ්ඩායම, රෝ රෝ මෙහෙයුම් සහ අදාළ සේවා සඳහා HIP සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡා පැවත්වා තිබුණි.
“HIP විසින් සපයන ඉහළ කාර්යක්ෂම සේවා මෙන්ම නැව් සමාගම් සමග සක්‍රීයව ක්‍රියා කරමින් ප්‍රතිනැව්ගත කිරීම සඳහා වාහන වරායට ගෙන ඒම හේතුවෙන්, පසුගිය වසර කිහිපය තුළ අපගේ රෝ රෝ මෙහෙයුම් වේගයෙන් ව්‍යාප්ත වුණා. එසේ වුවද, ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා කළ යුතු තවත් බොහෝ දේ ඇතැයි අප විශ්වාස කරනවා. ඒ, අපගේ සේවාවේ ගුණාත්මකභාවය නිසා පමණක් නොව, මූලික වශයෙන් වරායේ උපායමාර්ගික පිහිටීම සහ ප්‍රතිනැව්ගත කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස HIP භාවිත කිරීමෙන් ලබාගත හැකි පිරිවැය එලදායිතාව, සැලකිල්ලට ගනිමිනි. අප මෙහි පැමිණියේ යහපත් ප්‍රතිඵල ලබාගැනීම සඳහා හමු විය යුතු පාර්ශවයන් කවුරුන්දැයි පුළුල්ව අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි. ජපන් නැව් සමාගම් සහ අපනයනකරුවන් අප පිළිගත් ආකාරය ඉමහත් සතුටට කරුණක්” යැයි HIPGහි වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බින්දු රණසිංහ පැවසීය.
රෝ රෝ මෙහෙයුම්හි නියැලී සිටින ප්‍රධාන නැව් සමාගම් තුන ඇතුළුව නැව්ස මාගම් පහක් හමු වූ HIP කණ්ඩායම, වර්තමාන ව්‍යාපාරික තත්ත්වයන්, රෝ රෝ මෙහෙයුම් සඳහා HIP සතු හැකියාව සහ වරායේ අනාගත සැලසුම් පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කළහ. රෝ රෝ ක්‍රියාකරුවන් මුහුණදෙන වත්මන් අභියෝග හමුවේ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා ප්‍රතිනැව්ගත කිරීමෙන් ලැබිය හැකි ප්රතිලාභ පිළිබඳ භාවිත කළ මෝටර් රථ අපනයනකරුවන් දැනුවත් කිරීමේ අවස්ථාවද, HIP කණ්ඩායමට හිමි විය.
HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ පැවසුවේ, වරායේ ව්‍යාපාරික මාර්ග පුළුල් කිරීම මෙම සංචාරයේ මූලික අරමුණ වූ අතර, පාවිච්චි කළ මෝටර් රථ අපනයන ව්‍යාපාරය ඊට විශාල රුකුලක් වන බවයි. "ජපානයේ සිට අප්‍රිකාවට සහ මැදපෙරදිග රටවලට විශාල වශයෙන් වාහන අපනයනය සිදුවනු අප දැක තිබෙනවා. එම නිසා මෙම ක්ෂේත්රය HIP වෙත රැගෙන ඒමේ අවස්ථා සෙවීම අත්‍යවශය බව අපට වැටහුනා. බොහෝ රටවල නොමැති, වාහන විශාල ප්‍රමාණයක් නවතා තැබීමේ පහසුකම වරායට තිබෙනවා. මෙය අපනයනකරුවන් ආකර්ෂණය කිරීමට ඇති වැදගත් සාධකයක් වන අතර වරාය
තුළ තවත් අගය එක් කරන සේවාවන් රැසක් පිරිනැමීම සඳහා පියවර යොදා තිබෙනවා. එමෙන්ම, හම්බන්තොට ජාත්‍යන්තර වරායට යාබද ප්‍රධාන මුහුදු මාර්ග ඔස්සේ ගමන් ගන්නා නැව් සඳහා තෙල් සැපයීමේ සේවා ලබා ගැනීමේ හැකියාවද, දීර්ඝ සාකච්ඡාවට ලක් වූ තවත් කරුණක්. අපගේ උපායමාර්ගික හවුල්කරු වන සයිනොපෙක් ඉන්ධන ලංකා සමාගම සමඟ මෙම නව ව්‍යාපාරය නොනැවතී කරගෙන යෑම තුළින් විශාල ඩොලර් ආදායමක් රටට ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.”
“අපගේ ඉලක්කය වන්නේ, වරායේ උපායමාර්ගික පිහිටීම ඉහළ ඵලදායිතාව සහ ගුණාත්මක සේවාවන් ප්‍රයෝජනයට ගනිමින්, වරායේ ප්‍රතිනැව්ගත කිරීමේ පරිමාවන් ඉහළ නැංවීමයි,” ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.