මහ බැංකුව විසින් නිකුත් කරනලද උපදෙස් සැලකිල්ලට ගනිමින් HDFC බැංකුවෙන් විවිධ ණය ලබාගත් ගනුදෙනුකරුවන්ට මාස තුනක පමාසහන කාලයක් ලබාදීමට තීරණය කළ බව HDFC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එම්.කේ.නම්බියාරූරන් මහතා පවසයි.
කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය සමග පීඩාවට පත් ණයගැතියන්ට සහන සැලසීම සඳහා පසුගිය බදාදා නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගය අනුව මෙම පියවර ගෙන තිබේ. එහිදී රුපියල් මිලියනයකට වඩා අඩු පුද්ගලික හා ලීසිං පහසුකම් ලබාගත් ගනුදෙනුකරුවන්ට මාස තුනක පමාසහන කාලයක් ලබාදෙන ලෙස මහ බැංකුව වාණිජ බැංකුවලින් ඉල්ලා සිටියේය.
ඒ අනුව HDFC බැංකුවෙන් ණය ලබාගත් ගනුදෙනුකරුවෙකු මෙම සහනය ඉල්ලා සිටින්නේ නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා ඕනෑම ශාඛාවක් වෙත ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කළ යුතු බව නම්බියාරූරන් මහතා පවසයි.
"සතියේ ඇඳිරි නීතිය නොපැවති අවස්ථාවල විවෘතව පැවති ශාඛා වෙත අපට දැනටමත් ඉල්ලීම් ලිපි කිහිපයක් ලැබී තිබෙනවා." යැයි ඔහු කියයි. කෙසේ වෙතත් ගනුදෙනුකරුවන්ගෙන් බහුතරයක් තමන් මෙම පමා සමන කාලය භාවිත නොකරන බව අඟවා තිබෙන බවද හෙතෙම සඳහන් කරයි. "කෙසේ වෙතත් ගෙවීම් පැහැරහැර ඇති අයෙකු වෙතොත් ඔවුන්ගේ ඉල්ලීමක් තවත් උපාය මාර්ග හරහා සලකා බැලීමට පුළුවන්." යැයි එම්.කේ.නම්බියාරූරන් මහතා වැඩිදුරටත් පවසයි.