සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ETF) විසින් ඵලදායී මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම හෙට (16දා) සිදුකිරීමට නියමිතය.
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සෑම අංශයකම සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකිරීම වෙනුවෙන් එම අංශ විසින් අනුගමනය කළ යුතු උපමාන මෙම සංග්‍රහයේ ඇතුළත් වන බව සඳහන් වෙයි.
මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු මහලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.