ව්‍යාපාර ඩිජිටල්කරණ සංකල්පය තුලින් අපනයන ආර්ථිකය සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ජාතික අපනයන උපාය මාර්ග සැලැස්මෙහි (NES) ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය හා මධ්‍යම පළාත් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පසුගියදා පිළිමතලාව ග්‍රාමීය සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වා තිබේ.
එම ප්‍රායෝගික වැඩමුළුවේදී නව අපනයනකරුවන් 2000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන සඳහා තෝරාගන්නා ලද අපනයන අභිමුඛ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සිය දෙනෙකු ICTA ආයතනයේ සම්පත් දායකත්වයෙන් ෆේස්බුක් හා සමාජ ජාලා භාවිතය තුලින් භාණ්ඩ හා සේවා අලෙවිකරණය කිරීම පිළිබඳ දැනුවත් කළ බව ඔවුහු පවසති.