කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ජංගම යෙදුම 2020 වසරේ ආරම්භයේ සිට රු.බිලියන 135ක පිරිවැටුම් දායකත්වයක් සහිතව ඩවුන්ලෝඩ් කිරීම් 300,000ක් ඉක්මවා තිබේ.
CSE ජංගම යෙදුම දේශීයව මෙන්ම විදේශයන් සිටින ආයෝජකයන්ද ආකර්ෂණය කර ඇත. එහිදී ඩවුන්ලෝඩ් කිරීම්වලින් 85%ක් ශ්රී ලංකාවෙන් සිදුකර ඇති බව දත්ත නිරූපණය කරයි.
තවද, දත්ත පෙන්නුම් කරන්නේ, විදේශයන්හි ආයෝජකයන් අතර CSE කෙරෙහි ඇති උනන්දුව වර්ධනය වන බව ඉස්මතු කරමින්, ආසන්න වශයෙන් රටවල් 53කින් ඩවුන්ලෝඩ් කිරීම් සිදුවී ඇති බවයි.
මීට අමතරව, වයස අවුරුදු 18-30 අතර තාක්ෂණ දැනුමැති තරුණ තරුණියන් විශාල ප්රමාණයක් ආකර්ෂණය කර ගැනීමට කොළඹ කොටස් හුවමාරුව සමත්ව අතර, ජංගම යෙදුම හරහා CDS ගිණුම් ඉදිරිපත් කිරීම 81% දක්වා වැඩි කර ඇත. තවද, මෙම යෙදුම ශ්රී ලංකා කොටස් වෙළෙඳපොළේ නවතම වර්ධනයන් පිළිබඳ තොරතුරු සඳහා පහසු ප්රවේශයක් සපයා තිබේ.