COVID-19 වෛරසයට එරෙහිව මුහුණු ආවරණ නොමිලේ බෙදාහැරීම පිළිබඳ දැන්වීමක් සහිත අහඹු කෙටි පණිවුඩයක් (SMS) හරහා අපගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ වංචාවක් (Smishing attack) සිදුවන බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (SLCERT) අනතුරු ඇඟවීමක් නිකුත් කර සිටියි.
මේ පිළිබඳව හදිසි නිවේදනයක් නිකුත් කරන ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මෙය COVID-19 වෛරසය ගැටලුවට මුවා වී ජංගම දුරකතන පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීම සඳහා සිදුකරන වංචනික උත්සාහයක් බව පවසා සිටියි.
මෙම කෙටි පණිවුඩය හරහා ලැබෙන සබැඳිය විවෘත කිරීමෙන් අපගේ පෞද්ගලික තොරතුරු පැහැර ගැනීමකට ලක්වීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ඒ අනුව මෙවැනි වංචනික ප්රහාරයකින් ප්රවේශම්වීම සඳහා මෙවැනි පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය සහ ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.