එක්සත් රාජධානියේ ළමා ඇඟලුම් වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින්, ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක ආයෝජනයකින් නව ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් අම්බලන්ගොඩ මීටියාගොඩ ප්‍රදේශයේ දී විවෘත කර තිබේ.
මේ තුළින් නව ඍජු රැකියා විශාල ප්‍රමාණයක් පමණ ජනිත වන අතර වක්‍ර රැකියා හා සේවා සපයන්නන් විශාල ප්‍රමාණයක් බිහිවනු ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය පවසයි. පසුගියදා විවෘත වූ දීපා ගාමන්ට් කර්මාන්ත ආයතනය විවෘත කරමින් අධ්යක්ෂ ජනරාල්වරිය මේ බැව් පැවසුවාය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වීරකෝන් මහත්මිය, පවතින තත්වය හමුවේ ප්‍රති ආයෝජනයන් සදහා ආයෝජකයින් උනන්දු කරවීම කෙරෙහි ආයෝජන මණ්ඩලය කටයුතු කරයි. ඒ අනුව මෙරට ආයෝජනයෙහි නිරත ආයෝජකයින් සමඟ සම්බන්ධීකරනය වෙමින් තවදුරටත් ඔවුන්ගේකර්මාන්ත පුළුල් කිරීමට උනන්දු කරවීමට ශ්‍රී ලංකාආයෝජන මණ්ඩලය කටයුතු කරයි. එම වැඩපිළිවෙළ අනුව දැනට කර්මාන්ත පහක් පවත්වා ගෙන යනු ලබනස්ටයිලිෂ් සමූහ ව්‍යාපාරය අද තවත් ආයතනයක් ඉතා කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවද වීරකෝන් මහත්මිය පැවසුවාය.
කර්මාන්ත අගනුවරින් බැහැරව ග්‍රාමීය ප්‍රදේශ කරා ගෙන යාමට ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපේක්ෂා කරයි. නගරයට සාපේක්ෂව ග්‍රාමීය ප්‍රදේශයන්හි ආර්ථිකය නගා සිටුවීමමෙමගින් අපේක්ෂා කරයි. විශේෂයෙන් ග්රාමීයකාන්තාව රටේ ආර්ථිකය ආර්ථික උන්නතියට එක්කර එක්කර ගන්නා අතරම තම කුටුම්භයේ ආර්ථිකටය ශක්තියක් ගෙන ඒමටද ඔවුන්ට හැකියාවහිමිවේ. මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය තුළින් අම්බලන්ගොඩ මීටියාගොඩ සහෝදරියකට එක්සත් රාජධානිය ළමා ඇඳුම් වෙළඳපොලට එක්වීමේ අවස්ථාව උදාවී ඇතැයිද වීරකෝන් මහත්මිය පැවසුවාය.
මෙහිදී අදහස් දැක්වූ ස්ටයිලිෂ් සමූහ ව්‍යාපාරයේ සභාපති ලීලාරත්න හටන්ආරච්චි මහතා ද තම සමාගම් පවතින ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද පවත්වාගෙන යාමේ ශක්තිය පවතින බවත්, අර්බුදයේ වාසිය තමන් වෙත හරවා ගනිමින් කටයුතු කරන බවද පැවසූහ.මේ මොහොතේ ශ්‍රී ලංකාවද විශාල ඩොලර් අර්බුදයක මුහුණ දී සිටින බවත් මෙවැනි කර්මාන්ත ඇතිකර අපනයනය ඉහල නංවා වැඩි ඩොලර් ප්‍රමාණයක් මෙරටට ගෙන ඒම අරමුණ බවත් හටන්ආරච්චි මහතා පැවසීය.