අධ්‍යාපන අමාත්‍යංශය සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහනේ ආරම්භය සනිටුවහන් කිරීම පසුගියදා සිදුරක තිබේ.
මෙහි නිල දියත් කිරීමේ උත්සව පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්වුණු අතර, මේ සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලයේ මෙරට නියෝජිත හිමාලි ජිනදාස මහමත්මිය, Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ටාඕ ගුවන්ග්යෝ මහතා, එහි නියෝජිතයින් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වී ඇත.
Huawei Asia-Pacific Seeds for the Future 2022 වැඩසටහන හරහා සුවිශේෂී දක්ෂතා දක්වන විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් සඳහා තායිලන්තයේ පැවැත්වෙන තොරතුරු තාක්ෂණ පුහුණුවක් සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවූ බවද දැනුම් දෙයි.
Seeds for the Future, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් ගෝලීය වැඩසටහනකි. මේ හරහා සිසුන්ට සිය තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ තාක්ෂණික කුසලතා සංවර්ධනය කර ගැනීමට විවිධ අවස්ථා රැසක් සපයනු ඇත. තවද මෙම මුලපිරීම කලාපීය සහයෝගීතාවයන් ගොඩනැගීම සහ රටවල් සහ සංස්කෘතීන් අතර සන්නිවේදනය කිරීම දිරිමත් කරයි.