ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මූල්‍ය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇ.ඩො.මිලියන 50ක ණය මුදලක් ලබාදී තිබේ.
මේ සම්බන්ධ ගිවිසුමට අත්සන් කිරීම අද (14දා) මුදල් අමාත්‍යාංශයේදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් විසින් සිදුකර ඇත.
මෙම ණය මුදල මගින් කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම අරමුණු කර ඇති අතර, මීට අමතරව, ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් දීපව්‍යාප්තව පැවැත්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇ.ඩො.මිලියනයක ප්රදානයක්ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට ලබාදී ඇත.