2022 වසරේ අප්‍රේල් මස 01දා දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 33%කින් අවප්‍රමාණය වීමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2022 වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකා රුපියල පුළුල් ලෙස ස්ථාවරව තබාගත් නමුත්, 2022 වසරේ මාර්තු මස පළමු සතියේදී විනිමය අනුපාතිකයට ඉහළ නම්‍යශීලීභාවයක් ලබාදීමට මහ බැංකුව ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස, එය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ බවද මහ බැංකුව සඳහන් කරයි.
පසුගිය වසර දෙක තුළ රුපියලේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී, 2020 වසරේදී ශ්‍රී ලංකා රුපියල, ඩොලරයට සාපේක්ෂව 2.6%ක අවප්‍රමාණයක් වීමක් සහ 2021 දී 7.0%ක අවප්‍රමාණය වීමක් පමණක් පෙන්වා ඇත.
මීට අමතරව, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2022 වසරේ අප්‍රේල් 01 වැනි දින දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල, යූරෝ (-31.5%), ස්ටර්ලිං පවුම (-31.1%), ජපන් යෙන් (-28.7%), ඉන්දියානු රුපියල (-31.6%) සහ ඔස්ට්‍රේලියානු ඩොලරයට (-35.1%) සාපේක්ෂවද අවප්‍රමාණය වී තිබේ.