මුදල් භාවිතය අවම කරමින් ඩිජිටල් ගෙවීම් ක්‍රම සඳහා ජනතාව හුරුකරවීම අරමුණු කර, ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2020 වර්ෂය ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස හඳුන්වා දීමට කටයුතු කරයි.
මෙම ඩිජිටල් ගනුදෙනු වර්ෂය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධර්ම ශ්‍රී කුමාරතුංග මහතා කරුණු අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාරතුංග මහතා, ජල විදුලිපත් හා අනෙකුත් බිල්පත් හා රක්ෂණ වාරික ගෙවීම් තමන් සිටින ස්ථානයේ සිට පාරිභෝගිකයාට ගෙවීම් කළ හැකි බවද කියා සිටියේය.
මේ වනවිට වාණිජ බැංකු විසින් මිලියන 23කට වඩා ප්‍රමාණයක් හර කාඩ්පත් නිකුත් කර ඇති බවත්, හැකි සෑම අවස්ථාවකදීම මෙම හර කාඩ්පත් තමන්ගේ ගෙවීම් කටයුතු සඳහා භාවිත කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මීට අමතරව මහ බැංකුව විසින් 2018 වර්ෂයේදී QR කේත අංක හඳුන්වා දුන් බවත් පැවසු ඒ මහතා, ඒ අනුව බැංකුවලට කොමිස් මුදල 0.5%කින් අඩු කරන ලෙස දැනුම් දුන් බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම සංකල්පය මහජනතාව තුළට නොයන්නේ නම් මුදල් භාවිතය වැඩිවන බව පැවසූ ඒ මහතා, මේ නිසා මුදල් අච්චු ගැසීම සඳහා මහ බැංකුවට විශාල මුදලක් වැය වන බවත්, මෙසේ ඩිජිටල් ගනුදෙනුවලට යොමුවීමෙන් මුදල් අච්චු ගැසීම සඳහා වැය වන ඒ අති විශාල මුදල ආරක්ෂා කරගැනීමට හැකිවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. එසේ මුදල් භාවිතය අවම කරමින්, කාඩ් හෝ වෙනත් ක්‍රමවේද හඳුන්වාදී ජනතාව එයට හුරුකරවීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් යැයිද ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධර්ම ශ්‍රී කුමාරතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේය.