2018 වර්ෂයේ මැයි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2019 මැයි මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ 0.4%ක වැඩිවීමක් වාර්තා කර තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන්නේ, 2019 සහ 2018 යන වර්ෂවල මැයි මස මෙම දර්ශකය පිළිවෙලින් 106.1 ක් සහ 105.7 ක් වූ බවයි.
කාර්මික නිෂ්පාදන දර්ශකයද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙය වන ප්‍රධාන අංශ හඳුනා ගැනීමටහා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වේ. කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින්, දෙන ලද කාලපරිච්ඡේදයකදී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තවද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම්ද හඳුනා ගත හැකිය.
