2019 ඔක්තෝබර් මස ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 5.6%ක් ලෙස වාර්තා වී ඇති අතර, එය ඊට පෙර මාසයේ පැවති 5.0%ට සාපේක්ෂව ඉහළ යෑමකි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකය මාසිකව නිකුත් කරමින් මෙය නිවේදනය කරයි.
ඔක්තෝබර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කණ්ඩයේ 3.2%ක සහ ආහාර නොවන කාණ්ඩයේ 2.4%ක දායකත්වයක් දැකිය හැකිය.
ඒ අනුව, එම මාසයේ ආහාර කාණ්ඩයේ ආහාර කාණ්ඩයේ ප්‍රතිශතය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන්ම අලුත් මාළු, ලොකු ළූණු, කිරිපිටි සහ සහල් යන ආහාර ද්‍රව්‍යවල පැවති මිල මට්ටම් සෘජුවම බලපා ඇති බව කියයි.