ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 14 වැනි අපනයනකරුවන්ගේ සංසදය, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22දා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.
මෙම සැසිවාරයට සමගාමීව රාජ්‍ය අංශයේ ආයතන සමග අපනයනකරුවන්ට ඔවුන්ගේ වෙළෙඳ ගැටලුවලට විසඳුම් ලබාගැන්ම සඳහා ද අවස්ථාව සලසා දී තිබේ.
රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය නියෝජනය කළ නියෝජිතයන් රැසක් මෙම සමුළුවට සහභාගි වී ඇති අතර, අපනයනකරුවන්ගේ ගැටලු 18ක් සඳහා විසඳුම් ලබාදීමට සාකච්ජා කර ඇත.
මෙහිදී ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කියා සිටියේ අපනයන වර්ධනය කිරීම සදහා මේ වනවිට රට තුළ ශක්තිමත් අත්තිවාරමක් ගොඩනගා තිබෙන බවයි. එමෙන්ම, දැනට සකස්කර තිබෙන ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම තුළින් එම වැඩපිළිවෙල තවදුරටත් තහවුරු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම සංසදයේ දී මතු වූ ගැටලු විසඳීමේදී රාජ්‍ය නිලධාරීන්ගෙන් ලද ධනාත්මක ආකල්ප පිළිබඳව සහ අපනයනකරුවන් විසින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වයද රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.