හිල්ටන් හෝටල් ජාලයේ හිමිකරු සහ මෙහෙයුම්කරු වන හොටේල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගමේ සභාපති ක්‍රිෂාන්ත කුරේ එම තනතුරින් සහ සමාගමේ විධායක නොවන අධ්යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
හොටේල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම් ලේකම්වරයා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් කියා සිටින්නේ 2019 නොවැම්බර් 20දා සිට මෙම ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බවයි.
හොටේල් ඩිවලොපර්ස් නවතම මූල්‍ය ප්රකාශනයට අනුව 2019 සැප්තැම්බර් 30න් අවසන් මූල්‍ය කාර්තුව තුළදී ඔවුන් රු.මිලියන 82.87 ක අලාභයක් වාර්තා කර ඇති අතර, මෙය 2018 වසරේ සැප්තැම්බර් 30න් අවසන් මූල්‍ය කාර්තුවේ අලාභ අගය වූ රු.මිලියන 18.25 හා සැසඳීමේ දී 354%ක අලාභයේ දැඩි ඉහළ යාමකි.
එමෙන්ම, 2019 සැප්තැම්බර් 30 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළදී ද සමාගම වාර්තා කර ඇති අලාභය රු.මිලියන 289ක් වන අතර, මෙය 2018 මුල් මාස 09 හි අලාභය වූ රු.මිලියන 152 මෙන් දෙගුණයකට ආසන්න වෙයි.