හම්බන්තොට ජාත්‍යන්තර වරාය ග්ලෝබල් පෝර්ට් ෆෝරම් සම්මාන උළලේදී 2022 වසරේ බහුකාර්ය වරාය/පර්යන්තය සහ 2022 වසරේ වරාය යටිතල පහසුකම් සංවර්ධනයට හිමි සම්මාන, අඛණ්ඩව දෙවැනි වරටත් හිමි කරන්නා ලදී.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය මෙසේ පිදුම් ලැබුවේ ඩුබායි හි ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති, උත්කර්ෂවත් සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වූ ජාත්‍යන්තර වරාය ක්‍රියාකරුවන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රමුඛයන් විශාල පිරිසක් මධ්‍යයේය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු, HIPGහි වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ සහ HIPGහි වාණිජ සහ අලෙවි කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරී නිශාන්ත ගමගේ යන මහත්වරුන්, වරාය ක්ෂේත්රයේ ගෝලීය විශේෂඥයයන් සමග දැනුම හුවමාරුවට එක්වූ අතර, ලොව විවිධ රටවලින් පැමිණි නියෝජිතයන් සමග නූතන සැපයුම් දාම සහ ක්‍රම පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.
“සැපයුම් මාර්ග ගොඩනැගීම සහ කාර්යය උපාය පිරිවැය අඩු කිරීමේ ස්වාධීන උපාය මාර්ග ඇති කර ගැනීමේදී වරායන් තරගකාරීවයෙන් ක්‍රියා කළද, සෑම වරායක්ම ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. මෙහෙයුම්වලදී සියලුම අංශ තුළ සේවා මට්ටම්, කාර්යක්ෂමතාව, ඵලදායිතාව සහ ගුණාත්මක බව ඉහළ නැංවීමට HIPG උපරිමයෙන් කටයුතු කරනවා. අනෙකුත් ජාත්‍යන්තර සම ව්යව්යසයකයන් හමුවී ප්රශස්ත මට්ටමේ සබඳතා ඇතිකර ගැනීම සඳහා මෙවැනි සංසද බොහෝ සෙයින් උපකාරී වෙනවා. මෙවන් අවස්ථාවන් උදාකරදීම පිළිබඳ ,ග්ලෝබල් පෝර්ට් ෆෝරම් සම්මාන උළෙලට අප බොහෝ සෙයින් ස්තූතිවන්ත විය යුතුයි” යනුවෙන් HIPG ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවසීය.
"වසරේ බහුකාර්ය වරාය/පර්යන්තය' ලෙස පිදුම් ලැබීමට හැකිවීම හම්බන්තොට වරාය ලැබූ විශාල ජයග්‍රහණයක් මෙන්ම, සාමාන්‍ය භාණ්ඩ, වාහන ආනයනය, මගී, නැව් වලට ඉන්ධන සැපයීම, තොග පර්යන්තය, ගෑස් සහ ව්‍යාපෘති භාණ්ඩ ඇතුළු සමස්ත සේවාවන් සැපයීමට අප තුළ ඇති හැකියාව තවදුරටත් සහතික කිරීමක්. ‘2022 වසරේ වරාය යටිතල පහසුකම් සංවර්ධනය’ පිළිබඳ සම්මානය දිනා ගැනීමට සමත් වීම අප කලාපයේ සැපයුම් මධ්‍යස්ථානය බවට පත්වෙමින් සිටින බව තවදුරටත් තහවුරු කරනවා. අපගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සියලුම සේවාවන් සැපයීමට අපි පරිපූර්ණව සැදී පැහැදී සිටින අතර, එමගින් අප ලොව විශිෂ්ටතම බහුකාර්ය වරායන්ගෙන් එකක් බවට පත්වනු නොඅනුමානයි" යනුවෙන් HIPGහි වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ පැවසීය.
2008 දී ආරම්භ කරන ලද ග්ලෝබල් පෝර්ට් ෆෝරම් සම්මාන උළෙල, ලොව පුරා වරායන් වැඩිදියුණු කිරීම සහ වරාය අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමේ මෙහෙවරක යෙදී සිටී. සෑම වසරකම මෙම සම්මාන උළෙල මගින්, ක්ෂේත්රයට ප්රතිලාභ ගෙන දෙන උපාය මාර්ග පිලිබදව සාකච්ඡා කිරීමට වරාය සහ පර්යන්ත ක්ෂේත්රවල විවිධ අංශවල සිටින වෘත්තිකයන් සම්බන්ධ කිරීමට පිටිවහලක් මෙන්ම, ඔවුන් ඒ සඳහා ලබාදී ඇති දායකත්වයද අගයයි.