එම්.එස්. යුරෝපා 2 සහ එම්.එස්. අස්මාරා ක්වෙස්ට් යන මගී නෞකා, සංචාරකයන් 900කට අධික පිරිසක් රැගෙන හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පසුගියදා සේන්දු විය.
එම සංචාරකයන් යාල, උඩවලව සහ බුන්දල යන ජාතික වනෝද්‍යාන, රුහුණු කතරගම මහා දේවාලය සහ මුල්කිරිගල විහාරස්ථානය ඇතුළු දකුණු පළාතේ සංචාරක ස්ථාන කිහිපයක සිරි නැරඹූ අතර, හම්බන්තොට නගරයේ සහ ෂැංග්‍රි-ලා හෝටලයේ චාරිකාවකටත් එක්වුණි.
&මින් පෙරත් වරායට පැමිණි මේ නෞකාවන් දෙක නැවත පිළිගැනීමට හැකිවීම අපට සතුටක්. අස්මාරා ක්වෙස්ට් පසුගිය දෙසැම්බර් මාසයේදී පැමිණියා. යුරෝපා 2 නෞකාව 2019 දී පැමිණියා. වරාය මේ වනවිටත් සුඛෝපභෝගී මගී නැව් හැසිරවිමේ ව්‍යාපාරයට ඇතුළු වීම නිසා තවත් මෙවැනි නෞකා මේ වසර තුළ පිළිගැනීමට අප බලාපොරොත්තු වෙනවා. HIP වරාය පරිශ්‍රය තුළ තීරුබදු රහිත වෙළෙඳසැල් පිහිටුවීම හරහා මගීන් සහ කාර්ය මණ්ඩලය සඳහා පහසුකම් වැඩිදියුණු කර තිබෙනවා. සශ්‍රීක හරිත පරිසරයක පිහිටා ඇති හම්බන්තොට වරාය, ලොව පිරිසිදුම වරායක් ලෙස දැනටමත් ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා* යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

