සමුද්‍රීය පරිසර ආරක්ෂණය, වෙරළ සංරක්ෂණය සහ දේශගුණික විපර්යාස ආශ්රිත ක්‍රියාකාරකම්වල නිරත වීමට තරුණ පරම්පරාවේ දැනුම වර්ධනය කිරීම සහ ඒ සඳහා ඔවුන් පෙළඹවීමත් අරමුණු කරමින් 'Project Blue Next Generation' ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මූලික කරගනිමින් විවිධ ස්වේච්ඡා සංවිධාන, පාරිසරික කණ්ඩායම්, පර්යේෂකයන්, පාරිසරික ක්‍රියාකාරීන්, සිසුන් සහ තවත් බොහෝ පාර්ශ්වයන් එක් කර ගනිමින් සාගර ආරක්ෂණය සහ ඒ ආශ්‍රිතව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ව්‍යාපෘතියක් ලෙස 'Project Blue Next Generation' හඳුන්වා දිය හැකිය.
ඒ අනුව, මෙම ව්‍යාපෘතියට සමගාමීව ප්‍රධාන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වූ අතර, එම වැඩසටහන් දෙකම අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි. මෙහි ප්‍රථම වැඩසටහන ලෙස විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන්, 'සාගරය සුරැකීම නිවසින් පටන් ගනිමු' යන තේමාව යටතේ වැඩමුළු මාලාවක් දිවයින පුරා පැවැත්වුණු අතර, 'Project Blue Next Generation', කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව හා එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. දින 3ක් පුරා පැවැත්වුණු එම දැනුවත් කිරීමේ සැසි තුළදී දින 14ක ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දුන් අතර, එම ක්‍රියාකාරී සැලැස්ම නිවසේදී ක්‍රියාත්මක කිරීම සඳහා එම වැඩමුළුවට සහභාගි වූවන් දිරිමත් කෙරිණි.
දෙවැනි වැඩසටහන ලෙස තෝරාගත් ප්‍රධාන මාතෘකා කිහිපයක් සහ සාගර ජීවීන් කෙරෙහි එහි බලපෑම පිළිබඳව දැනුවත් කිරීම සඳහා 'සාගර තිරසාරත්වය' යන තේමාව යටතේ වෙබිනාර් මාලාවක් පැවැත්විණි. මෙහිදී රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා හා සාමුද්‍රික භූ විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය මඬුල්ලක් විසින් මෙම වෙබිනාර් මාලාව මෙහෙයවන ලදී. තිරසාර සාගර පරිසරයක් සහ ඒ ආශ්රිත නවෝත්පාදන, වෙරළබඩ ප්‍රජාව සහ සාගර සංරක්ෂණය ඇතුළු මාතෘකා කිහිපයක් ඔස්සේ දින 3ක් පුරා පැවත්වුණු මෙම වෙබිනාර් මාලාව මගින්, තිරසාර වෙරළාශ්‍රිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ජනතාවගේ දායකත්වය ලබාගැනීම කෙරෙහිද අවධානය යොමු විය. එමෙන්ම, මෙහිදී පර්යේෂණ මත පදනම් වූ සාමුද්‍රීය අධ්‍යාපනයේ වැදගත්කම සහ තිරසාර සාමුද්‍රීය පාරිසරික බලපෑම් කෙරෙහිද අවධානය යොමු කෙරිණි.
මේ දක්වා 'Project Blue Next Generation' ව්‍යාපෘතිය මනා සාර්ථකත්වයක් ළඟාකරගෙන ඇති අතර, බ්‍රිතාන්‍ය කවුන්සිලය වැනි ආයතනවල සහයෝගයෙන් ලොව තුළ වෙනසක් ඇති කිරීමටත්, අනාගත පරම්පරාව සාගර සංරක්ෂණය සඳහා දායක කර ගැනීමටත් හැකිවනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාවයි.