කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රාජ්‍ය ආදායම පසුබෑමකට ලක්ව ඇති මෙවැනි වකවානුවක, සාමාන්‍යයට වඩා වැඩි මුදලක් සංසරණයට යෙදවීම ලෝකයේ බොහෝ මහ බැංකු විසින් අනුගමනය කරන එක් ප්‍රතිපත්තියක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
වත්මන් අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්වීමත් සමග, මහ බැංකුව තවදුරටත් මුදල් අච්චු ගැසීමක් සිදුකරන බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් %අද^ කළ විමසීමකදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"මේ වකවානුවේදී බොහෝ මහ බැංකු අනුගමනය කරන එක් ප්‍රතිපත්තියක් තමයි, සාමාන්‍යයට වඩා වැඩි මුදලක් සංසරණය සඳහා යෙදවීම. ඒක කරන්නෙ මේ වෙලාවෙ, විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය නිසා රාජ්‍ය ආදායම පසුබෑමකට ලක්ව ඇති තත්ත්වයක් තුළයි. ඒ අනුව විකල්පයක් හැටියට වැඩිපුර මුදල් ලෝකයේ බොහෝ මහ බැංකු විසින් ලබාගෙන සංසරණය සඳහා යෙදවීමක් සිදුකර තිබෙනවා. එවැනිම තත්ත්වයක් අපේ රටෙත් සිදුව තිබෙනවා. නමුත් එය අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. එවැනි තත්ත්ව මීට පෙරත් සිදුවී තිබුණා. දැනුත් යම් ආකාරයකට සිදුකරන්න වෙලා තිබෙනවා.
එසේ වුවත්, මේ තුළින් යම් අහිතකර ප්‍රවණතාවක් මතුවෙනවා නම්, එය අඩුකර ගැනීමටත් මහ බැංකුව ලෙස අප සතුව මෙවලම් පවතින බව සඳහන් කළ යුතුයි. ඒ නිසා මුදල් අච්චි ගැසීම යැයි කියමින් කිසිවෙකුත් මේ ගැන සැකයක් තබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. අපි ඒ අවශ්‍ය වෙලාවට, ඒ තත්ත්වය වෙනස් කරගැනීමට සූදනමින් සිටිනවා. එබැවින් මේ තුළින් යම් හානිකර ප්‍රතිඵලයක් සිදුවේවි යැයි කියා සිතන අයට, එවැනි අවිශ්වාසයක් හෝ අවිනිශ්චිතතාවක් ඇතිකර නොගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා." යැයි පවසා සිටියේය.