ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් වයාපාර පනතේ 31(1) වන වගන්තිය ප්‍රකාරව, අද (12දා) ප.ව.5.00 සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා තීරණය කර තිබේ.
ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථාතත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොටගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(1) වන වගන්තිය ප්‍රකාරව, 2020 ජූලි 13 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සහ එම මවු සමාගම වන, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා 2020 ජූලි මස 10 වැනි දින තීරණය කරන ලද අතර, එම ව්‍යාපාර කටයුතු අත්හිටුවීම 2021 ජනවාරි 12 වැනි දින දක්වා බලපැවැත්විණි.
ව්‍යාපාර කටයුතු අත්හිටවූ මාස 6ක කාල සීමාව නිමවන විටද, ප්‍රාග්ධන යෙදවීමක් මගින් ආයතනය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් ඉදිරිපත් වීමක් නොවූ අතර, ආයතනයෙහි මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වූ බව මහ බැංකුව කියයි.