ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබද්දී, එම මිලටම ඉන්ධන අලෙවි කරන ලංකා IOC සමාගම 2022 මාර්තු 31න් අවසන් කාර්තුව සඳහා රු.බිලියන 3.37ක (රු.කෝටි 337ක) බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ.
ලංකා IOC සමාගමේ නවතම මූල්‍ය ප්‍රකාශන ඊයේ (04දා) කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමත් සමග මෙම දත්ත අනාවරණය වූ අතර, ගෙවුණු දිනය තුළ සමාගමේ කොටස් මිලද 32.14%කින් ඉහළ ගොස් තිබුණි.
එම දත්ත අනුව, ලංකා IOC සමාගමේ 2022 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාර්තුව තුළ රු.බිලියන 29.48ක ආදායමක් උපයාගෙන ඇති අතර, අදාළ කාලපරිච්ඡේදය තුළ සමාගම ලබාගෙන ඇති දළ ලාභය රු.බිලියන 5.01කි. එමෙන්ම, සමාගමේ මෙහෙයුම් ලාභය රු.බිලියන 4.08ක් ලෙස වාර්තා වෙයි.
විශේෂයෙන්ම, බදු ගෙවීමට පෙර රු.බිලියන 3.95ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති ලංකා IOC සමාගම, රු.මිලියන 582.37ක් ආදායම් බදු ගෙවීමෙන් පසුව, මෙම කාර්තුව සඳහා රු.බිලියන 3.37ක ශුද්ධ ලාභයක් මෙසේ වාර්තා කර තිබේ. එමෙන්ම, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 246%ක ශුද්ධ ලාභ වර්ධනයකි.