ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයෙහි 25 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (27දා) කොළඹදී පැවැත්විණි.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවට පොල් වගාකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සහ පොල් වගාකරුවන් රැසක් සහභාගී වී සිටියහ.
එමෙන්ම, පොල් හා වැවිලි බෝග ආශ්රිත නිෂ්පාදන මෙන්ම, ඒවායෙහි පළිබෝධ වළක්වා ගැනීම සම්බන්ධයෙන් වූ නිමැවුම් රැසක් මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට ලක්විය.


