ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 දී ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳාම 37%කින් වර්ධනය වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි අල් මුඅල්ලා මහතා සමග පැවති සාකච්ඡාවේදීය.
2016 වසරේදී දෙරටේ ද්වීපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම ඇ.ඩො.බිලියන 1.83ක් වන බවත්, එය 2016 දී ඇ.ඩො.බිලියන 1.34ක් වූ බවත් මෙහිදී අනාවරණය කෙරුණු අතර, අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර දෙරටේ ද්වීපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු හා නව ආයෝජන ආශ්රිත සාකච්ඡා පැවැත්වුණු බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.