රුපියල අඛණ්ඩව කඩා වැටීමත් සමග බලශක්තියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් කම්පනයට පත්වූ බැවින්, ශ්‍රී ලංකාවේ අප්‍රේල් 15දා දක්වා මූලික උද්ධමනය 74෴ක විශ්මයජනක අගයක් වාර්තා කර ඇතැයි හැන්කේ වාර්ෂික උද්ධමන දර්ශකය පවසයි.
එක්සත් ජනපදයේ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ, මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් මූල්‍ය අර්බුදයන්ට ලක්වූ රටවල සැබෑ සාධක සලකා බලමින් මෙම හැන්කේ වාර්ෂික උද්ධමන දර්ශකය ගණනය කරනු ලබයි.
එමෙන්ම, පසුගිය මාර්තු මාසය සඳහා හැන්කේ උද්ධමන දර්ශකය, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලැබූ 18.7%ක නිල උද්ධමනය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය.
ගෝලීය භාණ්ඩ මිල ඉහළ යාම, රුසියාව සහ යුක්රේන අර්බුදය මෙන්ම, පසුගිය මාර්තු 07දා රුපියල පා කිරීමත් සමග රුපියල කඩා වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් දුවන යුගයකට එලැඹී ඇත. මෙවැනි පසුබිමක ඉදිරි මාස තුන තුළ නිල උද්ධමනය 28%ක් වනු ඇතැයි මහ බැංකුව අප්‍රේල් 8දා පුරෝකථනය කළේ, මාසයක් තුළ ශ්‍රී ලංකා මුදල් ඒකකයේ වටිනාකම 60%කට වඩා අහිමිවීම හේතුවෙනි.
කෙසේ වෙතත්, ඇතැම් ආර්ථික විද්‍යාඥයන් හැන්කේගේ උද්ධමන දර්ශකයට එකඟ නොවන්නේ එය ඩොලර්වලින් උපයන අයෙකුට සාපේක්ෂව රුපියල්වලින් උපයන අයෙකුට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව මනින සංකල්පයක් වන ක්‍රය ශක්ති සමානාත්මතාව මත පදනම් වූවක් බව පෙන්වා දෙමිනි. එහිදී, භාණ්ඩ හා සේවා පැසේ මිලෙහි වෙනස්වීම් භාවිත කරමින් මනිනු ලබන නිල උද්ධමනය පිළිබඳ දර්ශකයේ වැඩිවීමට යමක් මිලදී ගැනීමට ඇති හැකියාව අහිමි වීම ඇතුළත් වේ. එබැවින් ශ්‍රී ලාංකිකයන් ගනුදෙනු කරන්නේ ඩොලර්වලින් නොව රුපියල්වලින් බැවින් එය නොමඟ යවනසුලු බව ඔහුගේ උද්ධමන දර්ශකයට එකඟ නොවන අය පවසති.