මූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින් අවිනිශ්චිත වී ඇති බව ලෝක බැංකුව පවසයි.
ඉහළ මට්ටමේ ණය සහ ණය සේවාවලට විසඳුම් සෙවීම, අයවැය හිඟය අඩු කිරීම, බාහිර ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ දිළිඳු හා අවදානමට ලක් වූවන් කෙරෙහි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා හදිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අවශ්‍ය බව ලෝක බැංකුව වසරකට දෙවතාවක් නිකුත් කරන කලාපීය යාවත්කාලීන කිරීම මගින් පවසයි.
ලෝක බැංකුව නිකුත් කළ නවතම දකුණු ආසියානු ආර්ථිකයන් පිළිබඳ වාර්තාව මගින් පසුගිය ජනවාරි පුරෝකථනයට සාපේක්ෂව 1.0%කින් දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය පහළ දමා ඇත. මේ සඳහා බොහෝ දුරට යුක්රේන යුද වාතාවරණය හේතු වී ඇති බව කියැවේ.