ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමූහ ප්‍රධාන මෙහෙයුම් සහ මූළ්‍ය නිලධාරි වශයෙන් විපුල ගුණතිලක මහතා 2018 අගෝස්තු 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබේ.
ගුණතිලක මහතා සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබන අතර ගුවන් සමාගමේ සමස්ත කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සම්බන්ධ වීමටපෙර විපුල ගුණතිලක මහතා TAAG Angola එයාර්ලයින්ස්හි ප්‍රධාන මූළ්‍ය නිලධාරී (CFO) ලෙස සහ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. එමිරේට්ස් ගුවන් සේවය විසින් TAAG කළමනාකාරිත්වය භාරගන්නා විට එමිරේට්ස් එයාර්ලයින්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය වෙත TAAG සමාගම ඒ මහතාව නම් කර ඇත. 2017 ජූලි මාසයේදී එමිරේට්ස් සමග එම හවුල්කාරීත්වය අවසන් කරන විට, ඇන්ගෝලා රජය විසින් අධ්යක්ෂ මණ්ඩලය වෙත නැවත වාරයක් ඒ මහතාව පත්කර තිබේ.