ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය නඩත්තු සේවා, අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (Maintenance, Repair and Overhaul –MRO) සැපයීමේ ප්‍රමුඛයා ලෙස සිය නවතම පාරිභෝගිකයා වන එයාර් සීෂෙල්ස් ගුවන් සේවයේ එයාර්බස් A320/A321 ගුවන් යානාවන්හි එයාර්බස් A320 ගුවන් යානාවලට විශේෂිත වූ ‘A-check’ පරීක්ෂාව ඉතා සාර්ථකව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අංගනයේදී සම්පූර්ණ කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය (MRO) දකුණු ආසියාවේ නැගීඑන MRO පහසුකම් සපයන ස්ථානය ලෙස ස්ථානගත වී ඇති අතර, ඉහළම පිළිගැනීමට ලක්වූ ගෝලීය ප්‍රමිති සහතික කිහිපයක් ලබාගෙන තිබේ. එසේම, ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු අංශය EASA සහතිකලත් නඩත්තුව, මූලික නඩත්තුව සහ ඉංජිනේරු වැඩපළ සඳහාද EASA සහතිකය හිමිකර ගෙන තිබේ. ඒ අනුව, බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ක්‍රියාත්මක වන ගුවන් යානා සහතික කිරීම සඳහා බලය පැවරී තිබේ.