2018 ජූලි මාසයේ වෙළෙඳ ගිණුමේ හිඟය 2017 ජූලි මාසයට සාපේක්ෂව පුළුල් වී ඇති අතර, ආනයන ඉහළ යෑම මේ සඳහා හේතු වූ බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා මහ බැංකුව 2018 ජූලි මස විදේශීය අංශයේ ක්රියාකාරීත්වය සම්බන්ධ නිරීක්ෂණයන් ඉදිරිපත් කරමින් මෙම තොරතුරු අනාවරණය කරයි.
ඒ අනුව, 2018 ජූලි මස වෙළෙඳ ගිණුමේ හිඟය ඇ.ඩො.මිලියන 681ක් ලෙස 2017 ජූලි මස පැවති ඇ.ඩො.මිලියන 576ක වෙළෙඳ හිඟයට වඩා පුළුල් වී තිබේ.
මේ අතර, 2018 වසරේ පළමු වැනි මාස හත තුළ සමුච්චිත වෙළෙඳ හිඟයද 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පුළුල් වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.