බලපත්‍රලාභී බැංකු ලබාදී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව අඛණ්ඩව නියාමන ක්‍රියාමාර්ග ගනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මහ බැංකුව පෙන්වා දෙන්නේ, බලයලත් මුදල් හුවමාරු ව්‍යාපාර ස්ථානයන්හි අඛණ්ඩව ස්ථානීය පරීක්ෂණ සිදුකළ බවත්, එහිදී ස්විස් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගමේ කොළඹ 01 ප්‍රධාන කාර්යාලය සහ කොළඹ 06 ශාඛාව සහ වෙස්ටර්න් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම, කොළඹ 06 යන මුදල් හුවමාරු කරන්නන් බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබාදී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බව හඳුනාගෙන ඇති බවය.
එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර ඇති විධානයන් උල්ලංඝනය කර ඇති බව අනාවරණය වූ බව සඳහන් කරන මහ බැංකුව, ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල විධානයන්ට අනුගත වන ලෙස නියෝග කරමින් ඉහත හුවමාරු කරන්නන්ට අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.
එම අවවාදාත්මක නිවේදන මගින් දැනුම් දුන් කරුණු නිවැරදි කිරීමට මෙම බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත්, ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර අත්හිටුවීමට / අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් දන්වා සිටියි.