විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම සංශෝධනය නිවේදනය කරයි.
මහජනතාව අත ඇති විදේශ ව්‍යවහාර මුදල් විධිමත් බැංකු පද්ධතියට ආකර්ෂණය කරගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින්, 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ 8 වන වගන්තිය යටතේ නියමයන් පහත පරිදි නිකුත් කර ඇත.
1.) ශ්‍රී ලංකාවේ සිටින නේවාසික පුද්ගලයෙකුට තම සන්තකයේ රඳවා තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඇ.ඩො. 15,000 සිට ඇ.ඩො.10,000 හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩු කිරීම.
2.) පහත සඳහන් දෑ සඳහා, ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් සඳහා, නියමය බලාත්මක දිනයේ සිට (2022 ජුනි 16) වැඩ කරන දින 14ක පොදු සමා කාලයක් ලබාදීම.
i) නියමයේ දක්වා ඇති පරිදි, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට
හෝ
ii) බලයලත් වෙළෙන්ඳෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණීමට
එකී පොදු සමා කාලය අවසානයේදී මෙම නියමය උල්ලංඝණය කරමින් තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාමාර්ග ආරම්භ කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින බවද වැඩිදුරටත් දැනුම් දෙයි.
වැඩිදුර තොරතුරු සඳහා,
අ) ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමග සම්බන්ධ වීමට,
ආ) විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.dfe.lk මගින් විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ වූ නියමයට 2022 ජුනි 16 දිනැති අංක 2284/34 දරණ (අති විශේෂ) ගැසට් නිවේදනය මගින් සිදුකරන ලද ඉහත සංශෝධනයන් පරිශීලනය කිරීමට,
ඇ) [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් හෝ 011-2477255 හෝ 011-2398511 යන දුරකථන අංක මගින් විදේශ විනිමය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.