රටේ වර්තමාන තත්ත්වය හේතු කොටගෙන, මෙරට ව්‍යාපාර රැසක දෛනික කටයුතු අඩාලවීම සම්බන්ධයෙන් තරුණ ලාංකේය ව්‍යාවසායක මණ්ඩලය (COYLE) සිය කණසල්ල පළ කර තිබේ.
වර්ෂ 1999 දී ස්ථාපිත කරනලද තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය මෙරට ව්යවසවසායකත්ව ක්ෂේත්රය අතර සහයෝගීතාව වර්ධනය කිරීම සහ ලාංකේය ව්‍යවසායකින් සංවර්ධනය කිරීමට දායක්තවය දක්වන දිවයිනේ ප්‍රමුඛතම ආයතනයකි.
රට තුළ මේ වනවිට තීව්ර වී ඇති දේශපාලනික, ආර්ථික සහ මානුෂීය අර්බුදය හේතුවෙන් ව්‍යාපාර රැසක කටයුතු නවතා දැමීමට සිදුවී ඇත්තේ, ව්‍යවසායකයන් ඉතා අසීරු තත්ත්වයකට පත්කරමින් බව පෙන්වා දෙන එම මණ්ඩලය, රට පුරා ඇතැම් ව්‍යාපාර වසා දැමීමේ තර්ජනයටද ලක්ව ඇති බව පෙන්වා දෙයි. ඒ අනුව ශ්‍රී ලාංකේය ජනතාවට මෙන්ම, රටේ ව්‍යාපාරික ප්‍රජාවට අත්‍යවශ්‍ය සේවා බධාවකින් තොරව සැපයීම සඳහා උද්ගත වී ඇති තත්ත්වයට කඩිනමින් පිළියම් සැපයීමට කටයුතු කරන ලෙස ඔවුන් රජයෙන්ඉල්ලා සිටියි.
එහිදී, විවිධ විෂයයන්හි විශේෂඥයන්ගේ සහාය ලබා ගනිමින් මෙම අර්බුදයට සාධනීය විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසත්, බාධා නොමැතිව ඉන්ධන, විදුලිය සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයීමට සහ බැංකුකරණය සහ විදේශ සංචිත සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා ප්‍රමුඛතාව දියයුතු බවත් එම මණ්ඩලය පෙන්වා දෙයි. එමෙන්ම, ප්රජාතන්ත්රවාදී රටක් ලෙස ජනමතයට ගරු කිරීම ඉතා වැදගත් වන බවත්, උද්ඝෝෂණ මර්ධනය කිරීම සඳහා පොලීසිය සහ යුද හමුදා බලය යෙදීම මෙම විරෝධතාව වඩාත් තීව්ර කිරීමට හේතුවනු ඇති බවද තරුණ ලාංකේය ව්‍යාවසායක මණ්ඩලය විශ්වාස කරයි.