ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 42 වැනි සංවත්සරය පසුගියදා අභිමානවත්ව සමරනු ලැබිණි.
ගුවන් සේවය එයාර් සිලෝන් ලෙස වර්ෂ 1947 සැප්තැම්බර් මස 01 වැනි දින ආරම්භ වූ අතර, පසුව වර්ෂ 1979 දී එයාර් ලංකා ලෙස නැවත නම් කරන ලදී. පසුකාලීනව එය ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලෙස ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහ කීර්තිය ලොවපුරා ඉහළ නංවා තිබේ.
රටේ පවතින සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙවර සැමරුම් උත්සවය සාමාන්‍ය පරිදි පැවැත්වූ අතර, සර්ව ආගමික ආශීර්වාද පූජාව සජීවීව විකාශනය විය. ඒ සඳහා කාර්ය මණ්ඩල නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වූහ. මීට අමතරව ගුවන් සේවා පරිශ්‍රයේදී එදින උදෑසන පිරිත් සජ්ඣායනාවක්ද පැවැත්විණි.