ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස මංජුල ද සිල්වා මහතා 2020 පෙබරවාරි 1 වැනි දින සිට වැඩභාර ගැනීමට නියමිතව තිබේ.
2016 මාර්තු මාසයේ සිට එම ධුරයේ සේවය කොට විශ්‍රාම ගන්නා ධාරා විජයතිලක මහත්මියගෙන් ඇතිවන පුරප්පාඩුව ඔහු විසින් සපුරනු ලැබේ.
සිල්වා මහතා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසත්, ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති ධුරයත්, HNB ඇෂුවරන්ස් පීඑල්සීහි කළමනාකාර අධ්යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී ධුරයත්, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ධුරයත් ඇතුළු පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් දරා ඇත.
මංජුල ද සිල්වා මහතා 2016 දී වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ශ්‍රී ලංකා අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස සේවය කළ අතර, පසුව මැදපෙරදිග, දකුණු ආසියාව සහ උතුරු අප්‍රිකානු කලාපීය මණ්ඩලයට ද පත් කරන ලදී. ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සහ ශ්‍රී ලංකා ඒකක භාර අරමුදල් සංගමයේ හිටපු සභාපතිවරයෙකි.
වර්තමානයේ සිල්වා මහතා BPPL හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගමෙහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සහ 2017 සිට ටී ස්මෝල් හෝල්ඩර් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරයි.