ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරු 7 හෝටල් ව්‍යාපෘතිය වන අවියානා හෝටල් සමූහය (Aviyana Private Chalets) පිළිබඳව තොරතුරු දැනගැනීමට විදේශ සංචාරකයින් තුළ දැඩි උනන්දුවක් පවතින බව වාර්තා වේ.
අවියානා තරු 7 හෝටල් ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් මහනුවර Kandy City Center හිදී පසුගිය දිනවල පැවති අතර එහිදී විදේශීය සංචාරකයින් රැසක් පැමිණ මෙම හෝටල් ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු විමසා තිබේ.
මහනුවර, තෙල්දෙනිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ අති රමණීය පරිසරයක් පසුබිම් කරගෙන ඉදි කෙරෙන මෙම අවියානා හෝටල් සමූහය මෙරට තරු 7 පළමු හෝටල් ව්‍යාපෘතිය වශයෙන් තමන්ට නැවුම් අපූරු අත්දැකීමක් වන බව විදේශීය සංචාරකයින් රැසක්ම එහිදී ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
ලබන වසරේදී (2025) දී මෙම අවියානා හෝටල් සමූහය විවෘත කළ පසුව එහි තවාතැන් ගැනීමට අනිවාර්යෙන්ම පැමිණෙන බවද එම විදේශීය සංචාරකයින් ප්‍රකාශකොට ඇති බව ද වාර්තා වේ.
ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, එංගලන්තය ඇතුළු රටවල් රැසක සංචාරකයින් Kandy City Center වෙත පැමිණ අවියානා හෝටල් සමූහය සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති බව දැනගැනීමට ඇත.
මෙරට පළමු තරු 7 හෝටල් ව්‍යාපෘතිය වන අවියානා හෝටල් සමූහය ලබන වසරේදී (2025) විවෘත කිරීමට නියමිතයි.
අවියානා හෝටල් සමූහය මඟින් මෙරට සංචාරක කර්මාන්තයේ පෙරළියක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් විදෙස් සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ අභිමානය ඇතුළු තවත් කරුණු ගණනාවක අත්දැකීම් ප්‍රායෝගිකව ලබාදීමට සැලසුම්කර ඇති බවත් අවියානා හෝටල් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි.